යළි සක්‍රිය වූ Marapi volcano

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 14 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතේ පිහිටි Marapi ගිනිකන්ද යළි විදාරණය වී ඇති අතර කිලෝමීටර් 1.3ක් තරම් ඉහළට ගිනි කන්දේ අළු විදාරණය වෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය සාඳහන් කරයි.

Marapi බෑවුම්වල පුද්ගලයින් 1,400 ක් පමණ ජීවත් වෙති.

මේ වන විට එම ගිනිකන්ද අවට කිලෝමීටර 5 කට ආසන්න වට ප්‍රමාණයක ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී ඇති බව පැවසේ.

ගිනි කඳු විදාරණය හේතුවෙන් ඒ අවට පිහිටි නිවාස, වගාබිම් සහ රථවාහන සියල්ලම පාහේ අලුවලින් වැසී ගොස් ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

මීට සති හයකට පෙර එම ගිනි කන්ද විදාරණය වීම හේතුවෙන් කඳු නගින්නන් 24 දෙනෙකු මියගොස් තිබුණි.

තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුවූ බවද වාර්තා වේ.

එසේම පසුගියවර ගිනි කන්ද විදාරණය වූ අවස්ථාවේ එහි අළු අඩි 4,300 ක් ඉහළ අහසට නැගී තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...