*
Wednesday, May 14, 2025
spot_img

Latest Posts

ඩස්පින් – වැට්වලට අහු නොවුණ හාල් හුණ්ඩුව

ජනවාරි 15, කොළඹ (LNW):පළාත් බෝධිසත්වයන් පත් කිරීමේ තරගය මදියි කියලයි මං හිතන්නෙ.බෝධිසත්වයන්ගෙ වැඩ වැඩියෙන් ජනතා හිත සුව පිණිස කරන්න දිස්ත්‍රික්කයකට එක ගාණෙවත් අවශ්‍යය කරනවා කියලයි මගේ අදහස.
අපිට ඉතිං අනිත් දිස්ත්‍රික්කවලට මැදිහත් වෙන්න බැහැනෙ.මේ දිස්ත්‍රික්කයෙ ඒ තනතුරට සුදුසුකම් තියෙන අය හොයන්න වැඩ පිළිවෙලක් දියත් කරන්න තමයි වෙන්නෙ.එ කියන්නෙ කොළඹ.දැනට ආසන්න වශයෙන් ඒ ලිස්ට් එකට ඇක්වනයිස් එකේ පාලකයව දාමු තියලා තමයි අපේ දුවනම් යෝජනා කරන්නෙ.

පන්සලට සුදු ඇඳුමක් නැත්නම් යන්න බැරි මට්ටමට බෞද්ධකම ලියලන රටේ මීට පස්සෙ පටාචාරා චිත්‍රයක් වුණත්,කිසා ගෝතමී වුණත් සුදුම සුදු ඇඳුමෙන් අඳින්න හාමුදුරුවරු ටික ඉස්සරහට උපදෙස් දෙන්න නියමිත බව හැඟෙන නිසා ඇක්වනයිස් එකේ මහත්තයට තියෙන ඇඳුම්මේනියාවත් බෝධිසත්වකමකින් සුව කළ යුතු එකක් බවයි දුවගෙ තර්කය.

මේනියාවක් කියන්නෙ පිස්සුවක් වගේ එකක්නෙ.
මං ඒ වචනෙට විරුද්ධ වුණා.
එතකොට ඒ වගෙ අයට වඳින, පුද පූජා තියෙන,එහෙම කරන්න ආයතනවලින් බලය දෙන,කරාට පස්සෙ ආයතනවලින් ආරක්ෂා කරන මිනිස්සුන්ට මොකද්ද තියෙන්නෙ?
දුව මතක් කරාට පස්සෙ තමයි මට තේරුණෙ ලොකුම පිස්සො කවුද කියලා.

කොහොමහරි මීට පස්සෙ යන හැටියට වේළුවනාරාමය,ඉසිපතනාරාමය වගෙ කාදිනල් තුමා ශාන්ත අන්තෝනිරාමය,ශාන්ත නිකලස්රාමය වගෙ පල්ලි ටිකත් වෙනස් කරලා ලොකු දේශිය පරිවර්ථනයකට ලංකාවෙ කිතු දහමත් අරගෙන යයි.එතකොට ඉතිං පල්ලියෙ උත්සවවලට දිලිසෙන වටින ඇඳුම් ඇඳගෙන සමරන්න ගිය අයට සුදු රෙද්දක් ඇඟ වටේ ඔතාගෙන චාම් විදිහට යන්න පුළුවන් වෙයි.පූජක ඇඳුම වුණත් කහපාට කරලා ගනියි.එතුමට ඕනි වෙලා තියෙන්නෙ වඩාත් බෞද්ධ පල්ලියද පන්සල ද වගෙ තරගයක් තියලා පල්ලිය දිනවන්නයි.
එහෙම වුණාම ඉතිං ප්‍රශ්න අඩුයි.ඡන්දයක් එන කාලෙට ටිකක් මහන්සි වෙලා වැඩ කරනවා ඇරෙන්න වැට් නෙමෙයි මොන බඳු ගැහැව්වත් පූජාවට ලැබෙන දෙයක් වළදලා,හොඳ වාහනෙක වැඩලා,අපවත් වෙනකං හරි ස්වර්ගස්ත වෙනකං හරි හොඳ සැපවත් ජිවිතයක් ගත කරන්නනෙ තියෙන්නෙ.

ඒ කතා ටික නම් මසුරං දාන්න වටිනවා කියලා හිතුණෙ කාදිනල් උන්නැහැගෙ පහුගිය ආසන්න හැසිරීම් ටික දිහා බලද්දි.ථෙරවාදය යම්කිසි අන්දමකින් චොරවාදයක් කරගෙන යැපෙන,හිතෙන හිතෙන විදිහට කතා කියලා තමන්ගෙ බිස්නස් ලයින් එක සෙට් කරගන්න ඉඩ තියෙන තැනක,නිදහස වෙනුවට අරහෙම හිටියම මෙහෙම හිටියම සැප සම්පත් ලැබෙනවා කියලා හිතන එක වගේම මරණෙන් පස්සෙ අඩු ගාණෙ ඊ ළඟ ආත්මෙ හොඳ තැනක ඉපදෙනවා කියන එකම මිනිස්සුන්ගේ සාක්කුව බීඑම්ඩබ්ලිව් ලෙවල් එකේ පිංකම්වලට සම්බන්ධ වෙන්න නැවෙන්න බලපානවා.

අඩුම ගාණෙ මෙහෙම හෙන ගහන බදු ගහන රටක නැතුව වෙන රටක ඉපදෙන්න ලැබෙන එකත් මදිද?

ඒක නම් ඉතිං මට කියවුණේ.

මේ අස්සෙ තමයි දැක්කෙ කැළණියෙ ඩඩ්ලි විරෝධය.ඒකනම් ඉතිං පොඩි කැම්පස් කුල මාන්නය පෙන්නන වැඩක්.ඩඩ්ලි ගෙන්නන බව දැනගෙන ඉදලා ඒක ගෙන්නන්න ඉස්සෙල්ලා නවත්තන්න තියෙන වැඩ මොකුත් නොකර ආවම උඹළට කැම්පස් අස්සෙ වැඩක් නැහැ කියලා කෑ ගහන එකනම් පොඩි අජූව ගතියක් තියෙන වැඩක්.

හරියට ඔය සිලබස්වලින් කැම්පස් ගියෙ නැති එවුන්ගෙ එවා හලන්න ඕනි කියල කියනවා වගෙ වැඩක්.තවමත් කැම්පස් නැතුව රටේ උගත්තු හැදෙන්නෙ නැහැ වගෙ සංකල්පයක ඉදගෙන වෙනත් උසස් අධ්‍යාපනය ලබන්න තියෙන තැන්වලට උදළු දාන සංස්කෘතියෙම එක පිම්මක් විදිහට තමයි ඉතිං ඒක එළියට එන්නෙ.

ඩඩ්ලි ගෙන්නපු එක වැරදිනම් එන්න ඉස්සර විරුද්ධ වෙන්න තිබුණා.එහෙම නැත්නම් ඒ ලැබුණු අවස්ථාවෙන් ඩඩ්ලි කරලා තියෙන මරි මජර වැඩ ටික ඔක්කොම හරියටම රිසර්ච් කරලා අරගෙන රෙදි ගැලවෙන්න ප්‍රශ්න කරන්න තිබ්බා.එහෙම ප්‍රශ්න කරන්න රටට හෙළි කරන්න තියෙන වැඩේ නවත්තලා පාරට බැහැලා කෑ ගැහැව්වම මිනිස්සු කැම්පස්වල අය කියන දේ අහන්න ඕනි කියන තැන නොසිට ඒ කියන දේවල්වල ඇත්ත පෙන්නන්න තිබුණ ඉඩක් කැම්පස් එකෙන් වහලා දැම්මා.

රනිල්ටත් එන්න දෙන්නෙ නැහැ කියන තැනයි ඒ අය ඉන්නෙ.හැබැයි රනිල්ව ප්‍රශ්න කරන්න හදන වේදිකාවේ රනිල්ට කක්ක යවන වැඩේට වැඩිය මේ අය ආස තමන් ඒ වේදිකාව උඩ රෙන්නනම් පිට ඉන්න අපිට ඒවට විරුද්ධව කරන්න කිසිම දෙයක් නැහැ.රනිල් විතරක් නෙමෙයි සජිත්,අනුර වගෙ අයත් ගෙනල්ල ප්‍රශ්න කරන්න ඉඩක් විශ්ව විද්‍යාලවල දරුවන්ට තියෙන්න ඕනි.රටක නායකයො හැටියට ජනතාව පත් කරන හෝ පත් කරන්න නියමිත පිරිස් රටේම කොටසක් හැටියට තියෙන විශ්ව විද්‍යාල හරහා ප්‍රශ්න කරන වැඩේ කෙරෙන්න ඕනි එකක්.කවුරුත් කියන දේකට හූ මිට තියන එක වෙනුවට වගේම කාටවත් හූ කියන එකටත් එකඟ නොවී විශ්ව විද්‍යාලවල තියෙන උගත්කම ලෝකෙට කියන්න සහ ඔවුන්ට රටේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ප්‍රමාණාත්මක දැණුමක් තියෙනවා කියන දේ ලෝකයට දකින්න තියෙන ඉඩේ ප්‍රයෝගික උගත්කම පෙන්නන්න බැරි වෙයි කියලා සැකයක් නැත්නම් ඕන එකෙක්ට කැම්පස් එකට එන්න කියලා සංවාද කරන එකයි නේද වැදගත්.

හැබැයි සමහර විට ඒකෙන් තමන් නොදන්න දේවල් තියෙනව කියලත් දැන ගන්න ලැබෙයි.ඒකෙත් වරදක් නැහැනෙ.මේ සංවාදවලට එන්නෙ ශිෂ්‍යයොනෙ.එතකොට ශිෂ්‍යයො හැටියට ඒකත් ඉගෙන ගත්තම හරි.එහෙම නැත්නම් බෝධිසත්වයො පහළවෙන සමාජයෙ, කැම්පස් විතරක් දේවදත්තලා හදන තැනක් කියලා හිතන්න තියෙන ඉඩ විශාල වෙන එක වළක්වන්න බැරි වෙයි.සමාජයේ කොටසක් හැටියට සමාජය තියෙන තැනයි,ඒක වෙනස් වෙන්න ඕනි හැටියි නොසළකා ඉතිං කැම්පස් ඇතුළෙ දැණුම වැට්වලට අහු නොවුණ හාල් හුණ්ඩුවක් වගෙ රැකගෙන වැඩක් තියෙනවද කියන එක ඉස්සරහටවත් හිතන්න වෙයි.

ද ක්ලීනර්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan