මව සිදාදියේ කාසි සොයද්දී තම දැරිය පාපතරයින්‍ට බිලි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 15 කොළඹ (LNW): අවුරුදු හතයි මාස දෙකක් වයසැති දැරියකට බරපතළ ලිංගික අතවර සිදුකළ තරුණයින් දෙදෙනෙකු ඊයේ (14) ඇතිමලේ පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන තිබේ. දැරිය ඇතිමලේ පොලිස් වසමට අයත් විලඔය 06 කණුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන්නියකි.

අතවරයට පත්වූ දැරිය මිත්තණිය භාරයේ සිට ඇති බව වාර්තා වේ,

දැරියගේ මව කොළඹ කොට්ටාව ප්‍රදේශයේ රැකියාවක් සඳහා පිටවගොස් ඇති බව සඳහන් වේ.

ඇයගේ දියණියට ප්‍රදේශයේ තරුණයෙකුගෙන් හිරිහැරයක්වී ඇති බවට ඇයගේ සහෝදරියක විසින් දුරකථනයෙන් දැනුම්දී ඇති අතර. මව නිවසට පැමිණ දැරියගෙන් තොරතුරු විමසීමේදී 2023 ඔක්තෝබර් මාසයේ දිනක සිට අසල්වැසි තරුණයෙකු විසින් දැරියට බරපතළ ලිංගික අතවර සිදුකළ බවටත් එම ප්‍රදේශයේම තවත් තරුණයෙකුද 2024 ජනවාරි මස 13 වෙනි දින බරපතළ ලිංගික අතවර කළ බවත් පවසා ඇත.

සිද්ධිය පිළිබඳව මව විසින් ඇතිමලේ පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව දැරියට අතවරකළ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු පහළොවයි මාස හයක් වයසැති පාසල් ශිෂ්‍යයෙක් සහ අවුරුදු දහසයක් වයසැති තරුණයෙකු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇති බව වාර්තා වේ.

පසුව දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර ඇති අතර, සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇතිලිමලේ පොලිසිය විසින් සිදු කරන බව පැවසේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ මීළඟ නඩු දිනය ඔක්තෝබර් 29

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති ධුරය දරණ සමයේ ලන්ඩනයේ සිදුකරන...

රනිල් ඇප මත නිදහස්!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ට ඇප ගන්න නීතිඥ කණ්ඩායම දැඩි උත්සාහයක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ විරෝධය!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට...