ගාසා අර්බුදය විසදන්න චීනය මැදිහත් වෙයි!

Date:

කොළඹ LNW:ගාසා අර්බුදය විසඳීමට චීනය මැදිහත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ගාසාවට සාමය ගෙන ඒම සඳහා මහා පරිමාණ සාම සමුළුවක් කැඳවන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසා ඇත.

ඊජිප්තුවේ කයිරෝ නුවරදී එරට විදේශ අමාත්‍ය සම්මි ෂුකරි සමග ඊශ්‍රායෙල්-හමාස් යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු චීන විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.

මහා පරිමාණ සාම සමුළුව මඟින් ඊශ්‍රායාලය සහ පලස්තීනය යන රාජ්‍ය දෙකේ විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා වන වැඩපිළිවෙලකට අදාළව ස්ථාරසාර කාලරාමුවක් සකස් කිරීමට අපේක්ෂා කරයි.

කෙසේවෙතත් මේ වන විට එම ගැටුම් ඉතා උත්සන්න වී තිබෙන අතර ඊශ්‍රායාලයේ දැඩි ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන 24,000කට වැඩි පිරිසක් ඝාතනය වී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...