අලුත් ජනාධිපති අපේක්ෂකයෙක් අපි ගේනවා – මිහින්තලාරාමාධිපති අදත් CID යයි

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 18 කොළඹ (LNW): අද (18) දින මිහින්තලාරාමාධිපති පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමියන් සිවිල් ක්‍රියාකාරිකයන් පිරිසක් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ඒ යළිත් පැමිණිලි කිරීම සඳහාය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නායක හිමියන් පැවසුවේ,

” මගේ ආරක්ෂාව නැති වෙලා තියෙනවා..මට මරණ තර්ජන කරා..ඒ පුද්ගලයෝ ගැන තාම හොයල නෑ..මට කෝටියක් කප්පං ගෙවන්න සල්ලිත් නෑ.. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරපු පැමිණිල්ලේ ප්‍රගතියක් නෑ.. මිහින්තලේ පුද භූමියේ ආරක්ෂාවත් අඩුවෙලා..මිනිස්සුන්ට පන්සල් වලට දානෙ දෙන්න වත්කමක් නෑ..මිනිස්සුන්ට ආර්ථික අපහසුතා. එළවළු මිලක් ඉහළ ගිහින්..දායකයන්ට දානේ දෙන්න විදිහක් නෑ.. මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනේ..දැනට ඉන්න කිසිම ජනාධිපති අපේක්ෂකයෙක්ගෙන් විසඳුමක් නෑ.. අපි අලුත්ම කෙනෙක් වගේ එනවා. ජනාධිපතිවරණය ආවහම අපි අලුත් විකල්පයක් හොයනවා. අලුත් ජනාධිපති අපේක්ෂකයෙක් අපි ගේනවා”

මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා සහ නීතිඥ උපාලි රත්නායක යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...