වගන්ති 57න් 31ක් ව්‍යවස්ථාවට පටහැනි පනතකින් ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා වෙන්නේ කොහොමද?

Date:

කොළඹ LNW: රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බැඳීමට ආණ්ඩුව මේ මොහොතේ ක්‍රියාකරමින් සිටින අතර ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කරනු ලබන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගෙ මූලිකත්වයෙන් සම්මත කර ගැනීමට කටයුතු කරන ලද සිංගප්පූරුවේ මාර්ගගත ක්‍රම සඳහා ක්‍රියාත්මක පනතට සමාන පනතක් බව එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන මහතා පැවසුවේය.

පරණවිතාන මහතා මේ බව සඳහන් කළේ අද (18) එක්සත් ජනරජ පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් 51ක් සලකා බලා ලබා දුන් තීන්දුව අනුව මෙම පනතේ වගන්ති 57කින් වගන්ති 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනිව තිබුණු බවද ඔහු සඳහන් කරන ලදී.

මෙම පනතින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වළකාලීමට මැදිහත්වී ඇති බවයි ඔහු පැවසුවේ.

මාධ්‍ය නියාමනයට මුවා වී යුක්තිය මෙහෙයුම සිදු කරනවා සේ කුඩු මර්දනයට මුවාවී විශාල වශයෙන්ම, පලිගැනීම්, කප්පම් ගැනීම්, තෝරා ගත් මිනිස්සුන්ට දඬුවම් කිරීම් සහ තෝරු, මෝරු නිදැල්ලේ යාමට ඉඩ හරිමින් කරන්නා වූ ඒ විගඩම සේම සමාජ මාධ්‍ය නියාමනයද ඔවුන්ගේ උවමනාවට මුවා වී පිහිටුවන දැඩි මර්දනකාරී පනතක් බවත් පැරණි පනත වෙනුවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළුව නීතිඥවරුන් සහ අදාළ පාර්ශව සමග සාකච්ඡා සිදු කොට නව පනතක් ගෙන ඒමට ක්‍රීයාකරන ලෙසද හෙතෙම අවධාරණය කළේය.

මේ අතර ඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණය සහ මහමැතිවරණයෙන් ගොඩනැගෙන ජනවරමක් සහිත නව ආණ්ඩුවකින් මෙම පනත අහෝසි කරන බවද පරණවිතාන මහතා වැඩිදුරටත් කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාංචු වැටුණු ශ්‍රී ලංකන් හිටපු ලොක්කාට එල්ල වී ඇති චෝදනා මෙන්න!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

පලස්තීනයේ නිදහස් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණයක! (PHOTO STORY)

කොළඹ LNW:ඇමරිකන් - ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට විරෝධය පළකරමින්...

පුත්තලමේත් සමඟියේ සභිකයෙකුට පක්ෂයේ දොර වැහෙයි!

කොළඹ LNW:පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය...

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු...