අත් හිටවූ සෞඛ්‍ය වැඩ වර්ජනය පෙබරවාරි 01 දින නැවත ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානය තීරණය කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 18 කොළඹ (LNW): සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 72ක සහභාගීත්වයෙන් අද (18) දින පැවැත්වූ විශේෂ සමුළුවකදී ගත් ඒකමතික තීන්දුවකට අනූව අත් හිටවූ සෞඛ්‍ය වැඩ වර්ජනය පෙබරවාරි 01 දින නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

සෞඛ්‍ය කාර්යමණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීම පිළිබඳව ලබා දුන් යෝජනාවලිය සාධාරණ එකක් බව දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගන්නා නමුත්, ජනාධිපතිවරයා පැමිණෙන තුරු අවශ්‍ය කාළය ලබා දෙන ලෙස සිදු කරනු ලැබූ ඉල්ලීමට ගරු කරමින් පසුගිය 17 වෙනිදා වර්ජනය අවසන් කලද, බරපතල අසාධාරණ තීන්දු ගනිමින්, අනවශ්‍ය වර්ජනයක් වෙත සෞඛ්‍ය සේවාව තල්ලුකර දැමූ සෞඛ්‍ය අමාත්‍යාංශයයත් මුදල් අමාත්‍යාංශයටත් විරෝධය පල කරමින් 2024.01.23 වෙනිදින සිට දිවයින පුරා විරෝධාවයන් සිදු කිරීමටත් අද දින රැස්වූ නායකත්ව සමුළුව ඒකමතිකව තීරණය කරණ ලද බව ඔහු වැඩි දුරටත් පවසා සිටී.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...