කෙන්යාවේ මතභේදාත්මක සෞඛ්‍ය රක්ෂණ බද්ද!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කෙන්යානු අභියාචනාධිකරණය කලින් පනවා තිබූ තහනම අවලංගු කරමින් මතභේදාත්මක සෞඛ්‍ය රක්ෂණ බද්දක් සඳහා අවසර ලබා දී තිබේ.

කෙන්යා ජනපති විලියම් රූටෝගේ ප්‍රධාන ප්‍රතිපත්තිවලින් එකක් වන සමාජ සෞඛ්‍ය රක්‍ෂණ අරමුදල (SHIF) සියලු කෙන්යානුවන්ට දැරිය හැකි සෞඛ්‍ය සේවාවක් සැපයීමට උත්සාහ කරයි.

නමුත් එය නව බද්දක් ලෙස දකින බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්ව ඇත.

පසුගිය වසරේ විරෝධතා රැල්ලක් ඇවිලවූ ජීවන වියදම් අර්බුදය මෙමඟින් උග්‍ර වනු ඇතැයි විචාරකයෝ පවසති.

මෙම යෝජනා ක්‍රමයේ කොටස් අභියෝගයට ලක් කරමින් ව්‍යාපාරික ජෝසප් ඉනොක් ඕරා විසින් කරන ලද පෙත්සමකට අනුව පසුගිය නොවැම්බරයේ මහාධිකරණය විසින් සමාජ සෞඛ්‍ය රක්‍ෂණ අරමුදල (SHIF) ක්‍රියාත්මක කිරීම නතර කරන ලදී.

මෙය, ආන්දෝලනාත්මක නිවාස බද්දක් අත්හිටුවීමත් සමඟම, ජනාධිපති රූටෝ, මෑතකදී සමහර නම් නොකළ විනිසුරුවරුන්ට දූෂණ චෝදනා ප්‍රසිද්ධියේ එල්ල කළේය. තම ආණ්ඩුවේ ව්‍යාපෘති අවහිර කිරීමට අධිකරණය විපක්ෂය සමඟ එක්ව කටයුතු කරන බවත්, ඒ හේතුවෙන් නීතිඥවරුන්ගේ විරෝධතා මතුව ඇති බවත් ඔහු පැවසීය.

සමාජ සෞඛ්‍ය රක්‍ෂණ අරමුදල (SHIF) දශක ගනනාවක් පැරණි ජාතික සෞඛ්‍ය රක්‍ෂණ අරමුදල (NHIF) වෙනුවට ආදේශ කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...