ආදරය වෙනුවෙන් මෙච්චර කැපකිරීමක්!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ තරුණයෙකු තම පෙම්වතිය ලෙස පෙනී සිටිමින් ඇය වෙනුවෙන් විභාගයක් ලිවීමට උත්සාහ කළ නමුත් ඔහු විභාගයට පෙනී සිටියදී පන්ජාබ් හි ෆරීඩ්කොට් හි විභාග මධ්‍යස්ථානයකදී අල්ලා ගන්නා ලදී.

මෙය ලොවපුරා අයවලුන්ගේ මුහුණට සිනහවක් ගෙනා පුවතක් විය.

විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව, ඉකුත් ජනවාරි 7 වන දින, බබා ෆරීඩ් සෞඛ්‍ය විද්‍යා විශ්ව විද්‍යාලය විසින් බහුකාර්ය සෞඛ්‍ය සේවකයින් බඳවා ගැනීමේ විභාගයක් කොට්කපුර DAV පොදු පාසලේදී පවත්වන ලදී.

Fazilka හි Angrez Singh ඔහුගේ පෙම්වතිය වන Paramjit Kaur ලෙස විභාගය ලිවීමට තීරණය කළේය. මෙම පුද්ගලයා තම පෙම්වතිය ලෙස පෙනී සිටීම සඳහා බින්දි, ලිප්ස්ටික් සහ කාන්තා ඇඳුමක් පැළඳ සිටියේය. කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල බලධාරීන් එය වහා අල්ලාගෙන ඔහු පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇති බවට වාර්තා වේ.

“relationship goals” ලෙසින් මෙම සිදුවීම දිගෙන් දිගටම කතා බහට ලක්වුණු අතර මෙවැනි ආදර සබඳතා පතන අයවලුත් මේ පිළිබඳ මනා අවධානයකින් පසුවිය.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yoweri Museveni හත්වන වරටත් උගන්ඩාවේ ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක ජනවාරි 18 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Yoweri...

සත්‍යාගේ ශක්තියෙන් වටිනාම ක්‍රීඩිකාව වෙයි.

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...