ආදරය වෙනුවෙන් මෙච්චර කැපකිරීමක්!

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ තරුණයෙකු තම පෙම්වතිය ලෙස පෙනී සිටිමින් ඇය වෙනුවෙන් විභාගයක් ලිවීමට උත්සාහ කළ නමුත් ඔහු විභාගයට පෙනී සිටියදී පන්ජාබ් හි ෆරීඩ්කොට් හි විභාග මධ්‍යස්ථානයකදී අල්ලා ගන්නා ලදී.

මෙය ලොවපුරා අයවලුන්ගේ මුහුණට සිනහවක් ගෙනා පුවතක් විය.

විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව, ඉකුත් ජනවාරි 7 වන දින, බබා ෆරීඩ් සෞඛ්‍ය විද්‍යා විශ්ව විද්‍යාලය විසින් බහුකාර්ය සෞඛ්‍ය සේවකයින් බඳවා ගැනීමේ විභාගයක් කොට්කපුර DAV පොදු පාසලේදී පවත්වන ලදී.

Fazilka හි Angrez Singh ඔහුගේ පෙම්වතිය වන Paramjit Kaur ලෙස විභාගය ලිවීමට තීරණය කළේය. මෙම පුද්ගලයා තම පෙම්වතිය ලෙස පෙනී සිටීම සඳහා බින්දි, ලිප්ස්ටික් සහ කාන්තා ඇඳුමක් පැළඳ සිටියේය. කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල බලධාරීන් එය වහා අල්ලාගෙන ඔහු පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇති බවට වාර්තා වේ.

“relationship goals” ලෙසින් මෙම සිදුවීම දිගෙන් දිගටම කතා බහට ලක්වුණු අතර මෙවැනි ආදර සබඳතා පතන අයවලුත් මේ පිළිබඳ මනා අවධානයකින් පසුවිය.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...