අද (20) සහ හෙට (21) සරම්ප ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩසටහනක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 කොළඹ (LNW): අද (20) සහ හෙට (21) යන දෙදින තුළ වයස මාස 09ත් අවුරුදු 15ත් අතර දරුවන් සඳහා සරම්ප ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩසටහක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙතෙක් සරම්ප එන්නත් ලබා නොගත් දරුවන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම තිබෙන එන්නත්කරණ මධ්‍යස්ථානවලට පැමිණීමෙන් එන්නත ලබා ගැනිමේ හැකියාව පවතින බව පැවසේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන තවදුරටත් සක්‍රීය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...