ලංවිම වැඩ තහනම් වූ සේවකයින් ගණන 66ක් දක්වා ඉහළට!

Date:

කොළඹ LNW: ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ තහනම් කළ සේවක සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබේ.

එලෙස සේවය අත්හිටුවා ඇත්තේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහි ව විරෝධතාවේ නිරත වූ විදුලි සේවකයන් පිරිසකගේය.

විදුලිබල මණ්ඩලය ඊයේ (19) පැවසුවේ, පසුගිය දා පැවති උද්ඝෝෂණයේ දී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි.

ඒ අනුව සේවාවලට බාධා කරන හෝ ලංවිම අත්‍යවශ්‍ය සේවයක් බවට ප්‍රකාශ කර තිබියදී කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු කළමනාකාරීත්වයට උපදෙස් ලබා දී තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සත්‍යාගේ ශක්තියෙන් වටිනාම ක්‍රීඩිකාව වෙයි.

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...