විරේන් තවත් ඉදිරියට – අද පස්වරුවේ අවසන් පූර්ව තරග

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 20, කොළඹ (LNW): කලකට පසුව නැවත දක්ෂතා අතරට පිවිසි ශ්‍රී ලංකා බැඩිමින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ මීට ටික වේලාවකට පෙර “වික්ටර් ස්වීඩන් වීවෘත” බැඩිමින්ටන් සූරතාවලියේ අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට සමත් වුණා.ප්‍රංශයේ එනෝගට් රෝයි ට එරෙහිව වට 2-0 න් ජය ගන්නට විරේන්ට හැකි වුණා.එහි ලකුණු තත්ත්වය සටහන් වුණේ ලකුණු 21 – 19 සහ 21 – 18 ක් ලෙසයි.විරේන් මේ තරගය විනාඩි 39 ක් තුළ නිමා කර ජය ගන්නට සමත් වුණා.

අවසාන පූර්ව වටයේදී විරේන්ට හමුවීමට නියමිත මේ තරගාවලියේ අංක එකට ශ්‍රේණිගතව සිටින ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඒබියන් වන අතර ඔහු අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ජොරාන් ක්වීකල් පරාජයට පත් කරනු ලැබුවා.එහි ලකුණු තත්ත්වය දැක්වුණේ ලකුණු 21 -11 සහ 21 -18 ක් ලෙසයි.එම තරගයට විනාඩි 42 ක කාලයක් ගත කිරීමට පැබ්ලෝට සිදු වුණා.

මේ වන විට පැබ්ලෝ ජගත් ශ්‍රේණිගත කිරීම් හී 67 වන තැනත්,විරේන් 83 වන තැනත් පසුවන අතර මේ තරගාවලියේදී මෑතකාලීනව සිඳු වූ පසුබෑමෙන් මිදුණු බවක් පෙන්වන විරේන් අවසාන පූර්ව තරගයේදී පැබ්ලෝට හොඳ සටනක් දෙනු ඇතැයි සිතිය හැකියි.අද පස්වරුවේ තරගය පැවත්වීමට නියමිතව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...