*
Monday, October 14, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

අශෝක ජයතුංග

ජනවාරි 20 වොෂින්ටන් LNW :  🎀රනිල් පැරදවූ කොටි හා ජවිපෙ  රටට කළ දේ….?

🎀2005 දී රනිල් පරාජය නොකලා නම්….?

🎀බ්‍රෑන්ඩඩ් ඇඳගෙන ජවිපෙ රනිල් ට දෙසන බණ….?

🎀මෛත්‍රී රනිල් තරගෙට හොරු රැකීමේ ආදීනව….?

🎀ඇමෙරිකන් මහින්ද ගේ කෝටි 240 ක නොමිලේ ඖෂධ ලංකාව බාර ගනීද…..?

🎀අල් ගෝ – රනිල් හමුවට වොෂින්ටන් සහාය….?

🎀මටත් දේශබන්ධුටත් නැතිවෙන්න දෙයක් නෑ….?

🎀“යුක්තිය” මෙහෙයුමත් දේශපාලනික ද….?

     රනිල් මැතිවරණ ඉතිහාසයේ සදාතනික පරාජිතයාය.  දෙවරක්ම බාහිර සාධක විසින් ඔහු පරාජය කළේය. 1999 දී චන්ද්‍රිකාගේ ඇස කොටි  බිළිගත් අනුකම්පාව ඇයට කැරකුණේය.

      2005 දී  කොටි හා  ජවිපෙ රනිල් ගේ නියත ජය වැළැක්වීය. ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදීව මහින්ද දිනවන සටනේ සිටියදී කොටි  මුදල් ලබාගෙන උතුරේ ඡන්ද තුවක්කුවෙන් වැළැක්වූ බවට මතවාද පවතී.  ඡන්ද ලක්ෂයකින් රනිල් පැරදවීමට කොටි , ජවිපෙ හා රාජපක්ෂලා  එකතුව ගේම් නොගැසුවා නම් එදා දිනන්නේ රනිල් ය.

       “රනිලා එදා දිනුවා නම් අද ලංකාව එක්කෝ සුරපුරයක් බඳු සිංගප්පූරු පන්නයේ රටකි. නැතහොක් ඇමෙරිකාවේ හෝ බටහිර රටවල යටත් කොළණියකි” සමහරු කියන්නේ එහෙමය. ඒ දෙකම අද කැරට් කිළෝව රු 2500 ට තිබෙන බංකොලොත් රටට වඩා හොඳ බවට ද මතවාද පවතී.

       රනිල් පරගැති ලෙස ඇමෙරිකාව හා බටහිර රටවල් 27 ට සැලියුට් ගසමින් ලෝකය බැලන්ස් කරන බව විග්‍රහ වේ. එය එක අතකින් චීනයේ රටවල් සූරාකමින් ආර්ථික හා භෞතිකමය ලෙස ආධිපත්‍ය දරමින් නතුකරගන්නා කෲරත්වයට වඩා හොදය.

       කොටි හා ජවිපෙ සහායෙන් 2005 දිනූ රාජපක්ෂලා අත ගැහුවේ  ජනතාවගේ කොළ බොක්කටය. යුද්දය ද පොන්සේකා හා ගෝටා එකමුතුව ජයගත්තේය. එහෙත් ප්‍රශ්නයට විසදුම් නොදී ජාතිවාදය ආගම්වාදය හා ඇතැමුන්ට අනුව බොරු දේශීයත්වය ද පෝෂණය කළේය.  තවද පවුල්වාදයට පෙර නොවූ බලයක් එක් කළේය.

       චීනයෙන් අධික පොලී ණය ගෙන රටට ප්‍රතිලාභ නොඋපදවන එහෙත්  කොමිස් ලැබෙන කෘතිම සංවර්දන බුබුලක් නිර්මාණය කළේය.  පවුල්වාදය නොඉවසූ ලිබියාවේ ගඩාපි  මැරුව ද ලංකාවේ පාළකයන් 2015 දී ජනතාව ගෙදර යැව්වේය.

     ගෙදර ගිය ද මන්ත්‍රී ලෙස  ගේමට බැස්සේය. “අල ළුෑණු කෑවද….දැන් ෂැප ද….ඩාම් වෙනවා ඩූම් වෙනවා” යි කියමින් ජනතාව චූන් කළේය. 2018 පළාත් පාලන ජයගත්තේය. පාස්කු ප්‍රහාරය හරහා විනාශයක් කල බවට ද චෝදනා පවතී.

    හොරු අල්ලන්නට ආ  මෛත්‍රී හා රනිල් තරඟෙට හොරු රැක්කේය. ඒ 2019 දී ජනාධිපති වෙන්නටය. රාජපක්ෂලා තරම් දක්ෂ දේශපාලන ගේම් රනිල් හා සෙසු අය දන්නේ ද නැත. 2019 දී ආරක්ෂාව පෙන්වා ගෝටා කප් ගසා දිනුවේය.

     දිනූ විගස කළේ වියත් මගේ යාළුවන්ට බදු සහන දීමය.රු බිලි 700 ක් එනම් කෝටි 70,000 ක් වසරකට දුන් බදු සහන නිසා දැන් වසර 04 කදී රු කෝටි 2,80,000 ක් රටට අහිමි විය. රට බංකොලොත්වීමේ බලපෑම ආවේ එතනිනි.

     ආහාර ඖෂධ තෙල් ගෑස් පෝර නැවක් ගන්නට මුදල් නැති විය. පෝළිම් වල මැරී වැටුණ ජනතාව පාළකයන් එළවා දැම්මේය. පැදුරේ සිටි රනිල්ට පිනා චාන්ස් එක ආවේ ය. රට බාරගන්නට කයිවාරු ගහන කවුරුවත් ආවේ නැත.

       2001 දීත් චන්ද්‍රිකා – මහින්ද ආණ්ඩුව ඝෘණ 1.6% ක අනාථ රටක් තැනුවිට එය ගොඩ ගත්තේ ද රනිල් ය.  ඒ රට රනිල් ගෙන් උදුරාගෙන ජනතාව මහින්දට පූජා කළේ 2005 දීය.2015 දී රට බාරගත් රනිල් ආර්ථිකය මෙහෙයවා ජනතාව ජීවන බරින් ද සුවපත් කළේය. ඩො බිලි 7.9 ක සංචිත ද ඉතිරි කළේය.  එහෙත් ජනතාවට 2019 දී “රටක්” ඔිනෑ වුණේ දේශපාලන ලනු හොදට ගිලලා ය.

      රනිල් හැගීම් දැනීම් ඇති මිනිසෙකු නොවේය.ඇතැම් රළු තීන්දු  ගන්නට ඔහු බිය නොවන්නේ එහෙයිනි.2001 දී රාජ්‍ය සේවය අඩු කොට රට නිවැරදිව ගෙනයාමට පසුබිම තැනූව ද 2005 දිනූ රාජපක්ෂ – ජවිපෙ ආණ්ඩුව යළි රජයේ රැකියා දී ආර්ථිකය අස්ථාවර කළේය. මේ රාජ්‍ය සේවය රටට බරක් යයි බැසිල් මෑතක කීවේ තමන්ටම දොස් පවරා ගනිමින්දැයි දන්නේ නැත.

      රනිල්ට ලිබරල් මතවාද හා බැදුණු දැක්මක් තිබේ.ඇතැම්විට ඒවා ඇනිලා මඥං වන්නේය. තවත් විටෙක හොදින් ක්‍රියා කරන්නේය. රනිල් වටින්නේ රටට කෙළවුණ විටය. 2001  හා 2021  දී ඔහු එය හොදින් සනාථ කළේය. ගෝටා රට බංකොළොත් කර  පැනගිය වෙලේ රනිල් බදු පනවා රට ගොඩ ගත්තා පමණක් නොව පෝලිම් හා භාණ්ඩ හිගයට ද තිත තැබුවේය.

      රටට කෙලවී ඇතිවිටක රනිල් රටයාම ජවිපෙට ඇලජික්ය. ඔවුන් පහර ගසන්නේ බ්‍රෑන්ඩඩ් ඇදුම් බෙල්ට් ඔරලෝසු පැළද බිස්නස් ක්ලාස්  එකේ රට යන හා මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාල අරින්නට ඉඩ නොදී තම දරඅවන් විදේශ  අධ්‍යාපනයට යැවූ අමුතු දේශහිතෛශීන් ලෙස ය..

   ජවිපෙ ට අනුව රනිල් පිටරට මල ගෙවල් මගුල් වලට ද නිතර යන්නේය.  ස්ව්ස් හි ඩාවෝස් ආර්ථික සමුළුව නිමවා උගන්ඩාවේ  නොබැදි සමුළුවට ද දැන් පැමිණ තිබේ.ස්විස් හිදී ඇමෙරිකාවේ හිටපු උප ජනපති අල් ගෝ රනිල් හමුවිය. ඔහු ලෝක දේශගුණ ක්‍රියාවලිය ට අදාළ නොබෙල් ත්‍යාගය පවා දිනූවෙකි. එම හමුව සංවිධානය වූයේ වොෂින්ටන් තානාපති මහින්ද සමරසිංහ හරහාය.

       තවද තානාපති මහින්ද ගේ මෙහෙයවීම තුළ වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වනවිට රු කෝටි 1730 ක ඖෂධ ලංකාවට යවා තිබේ. ඊට අමතරව මේ සතියේ තවත් ඩො මිලි 7. 8 ක එනම් රු කෝටි 240 ක ඖෂධ යැවීමට සූදානම් කර තිබේ. අදාළ ලියකියවිලි ඇමති රමේෂ් පුමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමුකර තිබේ.  වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රමුඛ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ප්‍රමාදයකින් තොරව ලැබෙනු ඇති බවට තානාපති මහින්ද හා ඇමෙරිකාවේ හාටි ටු හාට් සංවිධානය  අපේක්ෂා කරයි.

       රට අමාරුවේ වැටුණ විට ඉන්දියාව ඇමෙරිකාව ජපානය ඇතුළු ලෝකයෙන්ම උදව් ලැබුණේ කපටි නරියා ගේ සබදතා හා ජවිපෙට ඇලජික් මෙවැනි ට්‍රිප් නිසාය.ජනපතිවරණය අත ලග තිබියදීත් ඔහු ට්‍රිප් යන්නේය. ජනතාව ගේ බෙල්ල යන ආර්ථික තීන්දු ගන්නේය.

      “අද බනින අය හෙට මට ස්තුති කරාවි. කවුරු හරි අමාරු තීන්දු අරන් රට නිවැරදි මඟට ගන්න ඔින” ජනපති, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිනිත් කරුණාරත්න ට කීවේ රට වැනසූ ඉඩි අමින් සිටි උගන්ඩාවේ කම්පාලා වලදීය.

     “මටයි පොලිස්පතිටයි  නැති වෙන්න දෙයක් නැති නිසා යුක්තිය දිගටම යනවා. ඔළුව ඇති කෙනෙක් මේකට විරුද්ද නෑ. ඇමෙරිකානු තානාපතිනිය  කිව්වෙත් එයා කියපු දේ නෙවෙයි වෙන එකක් ප්‍රචාරය වූ බවයි. හියුමන් රයිට්ස් එවපු ලියුම මම ගණන් ගන්නෙ නෑ” ඇමති ටිරාන් කීය.

 “කුඩු හා පාතාලයෙන් 62% ක් කොටුකලා.ඉතිරි ටිකත් කරනවා” දේශබන්ධු කීය. මාළිමාව ඔහුට විරුද්ධව උසාවි ගියේ ඒ අතරය. “යුක්තියේ” යටි තලය දේශපාලනික වුවද එය රටට හොදකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan