අගමැති කුරුණෑගල අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ කාර්යාලයේ කටයුතු සොයා බලයි

Date:

අංක 462, පුත්තලම පාර, යන්තම්පලාව, කුරුණෑගල ලිපිනයේ අභිනවයෙන් ස්ථාපිත කළ කුරුණෑගල අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ කාර්යාලයට අද (05) පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි කටයුතු සොයා බැලුවේය.

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහි දී කුරුණෑගල දිස්ත්‍රික් මහජන නියෝජිතයන්ගේ හමුවක් ද පැවැත්විණි. ඊට කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ  ප්‍රාදේශිය සභා සභාපතිවරුන් ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකළ අග්‍රාමාත්‍යතුමා ගමට සන්නිවේදනය වැඩසටහන යටතේ කුරුණෑගල ඉදිවන සන්නිවේදන කුලුනු 48 පිළිබඳව මෙහි දී මහජන නියෝජිතයන්ගෙන් කරුණු විමසා සිටියේය.

අදාළ කටයුතු තවත් කාර්යක්ෂම කිරීමට අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා මෙම සාකච්ඡාව අතරතුරදී විෂය භාර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් කුලුනු ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යාවරුන් වන ඩී.බී හේරත්, සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ප්‍රිය හේරත්, සුමිත් උඩුකුඹුර, චරිත හේරත්, ප්‍රේමනාත් සී දොලවත්ත, මංජුලා දිසානායක, අසංක නවරත්න, බී. වයි. ජී. රත්නසේකර මහත්ම මහත්මීහු ඇතුළුකුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...