කොළඹ LNW:රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවේදීයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව ප්‍රකාශ කළේ.
මෙම වැඩවර්ජනයට හේතුව වී ඇත්තේ රජය පොරොන්දු වූ පරිදි DAT දීමනාව ලබා නොදීමයි.
වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබුණද එම දීමනාව ලැබී නොමැති බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ.
ASK