ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතට නාමල්ගේ සහය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 23 කොළඹ (LNW): ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජය විසින් යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතට සහය පළ කර ඇති බව සඳහන් වේ.


ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය යම් ප්‍රමාණයකට නියාමනය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේය.


“පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් නීති කි‍්‍රයාත්මක කිරීම අත්‍යාවශ්‍යයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.


සමාජ මාධ්‍යවල හුවමාරු වන තොරතුරු, ප්‍රවෘත්ති හෝ පළ කිරීම් සම්බන්ධයෙන් වගකියන ඕනෑම පුද්ගලයෙකු අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතට බිය වීමට හේතුවක් නොමැති බව පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.


විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු සියලුම මන්ත්‍රීවරුන් පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.


යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත හෙට (ජනවාරි 24) පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...