වෙඩි වැදුණු හිමිනම අපවත් වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 23 කොළඹ (LNW): ගම්පහ, මල්වතු – හිරිපිටිය, කහටාන ගණාරාම මහා විහාරයේදී හිමිනමකට වෙඩි තබා ඝාතනය කර තිබේ.

ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, 43 හැවිරිදි කලපලුවාවේ ධම්මරතන නම්වූ උන්වහන්සේ අපවත්වී ඇත.

වැලිවේරිය විහාරස්ථානයක වෙසෙන උන්වහන්සේ තාවකාලිකව කහටාන ගණාරාම මහා විහාරයේ සිට ඇති බව පොලිසිය සදහන් කරයි.

උන්වහන්සේ දහවල් දානය වලඳමින් සිටින අතරතුර විහාරස්ථානයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට පොලිසියෙන් බව පවසා පැමිණි පිරිසක් වෙඩි තබා මෝටර් රථයකින් පලාගොස් ඇතැයි සදහන් වේ.

වෙඩිතැබීමට ටී 56 ගිනිඅවියක් භාවිත කර ඇති බව පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...