ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ආර්ථික සභාවක්

Date:

මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආර්ථික සභාවක් පත්කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම සභාවට අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල, මහබැංකු නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර යන මහත්වරුන් ඇතුළත් බව සඳහන්.

ගෝලීය ආර්ථිකයේ සිදුවන වෙනස්කම් අනුව ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධීකරණය, අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම හා රජය වෙනුවෙන් මග පෙන්වීම මෙම ආර්ථික සභාවට පැවරී ඇත.

මෙම ආර්ථික සභාව සතිපතා රැස්වීමට නියමිතය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...