225ම මෝඩයන්ට අන්දන්න හදන්න එපා – ඔන්ලයින් බිල් එක ගැන සජිත් දැඩි ස්ථාවරයක

Date:

කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ස්ථාවර නියෝගවලටත් පටහැනි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ,මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවති විවාදයට එක්වෙමිනි.

පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ කාර්යපටිපාටිය ගැන ස්ථාවර නියෝගවල පැහැදිලිව සදහන් ඇති බවත් ස්ථාවර නියෝග 50 (2) යටතේ කෙටුම්පතක් පළමු වර කියැවිම සිදුවූ වහාම ආංශික අධීක්ෂණ කාරකසභාවට යොමු කළ යුතු බවත් කාරකසභාව විසින් පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීම මෙන්ම කාරකසභාව විසින් පාර්ලිමේන්තුවට නැවත වාර්තා කරන තෙක් හෝ පාර්ලිමේන්තුව විසින් එසේ වාර්තා කිරිමට ලබා දී ඇති කාලය ඉකුත් වන තෙක් පාර්ලිමේන්තුව විසින් ඒ සම්බන්යෙන් පියවරක් නොගත යුතු බවට එහි සඳහන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වාර්තාවක් නොමැතිව මෙම ක්‍රියාදායමය ව්‍යවස්ථානුකූලව සහ ස්ථාවර නියෝගවලට අනුකූලව ඉදිරියට යා නොහැකි බවයි ඔහු පැවසුවේ.

මෙම මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාව ලබා දුන් වාර්තාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධනවලට යටත්ව එකඟව මෙය ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳ කාරකසභා වාර්තාව එහි සභාපතිවරයා විසින් 2024 ජනවාරි 23 වැනි දා පාර්ලිමේන්තුවට පිළිගැන්විය යුතු යැයිද තීරණය කර ඇති මුත් එම වාර්තාව මේ වන තෙක් ලැබී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේ 225 දෙනාම මෝඩයෝ නොවන බැවින් මේ සභාවේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සම්බන්ධ ස්ථාවර නියෝගවල පැහැදිලිව තිබුණත් ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව නොමැති බැවින් මෙම විවාදයේ වැඩකටයුතු ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...