ආණ්ඩුවට සමාජ මාධ්‍ය හිසරදයක් වෙලා – අනුර

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 කොළඹ (LNW): ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, සමාජ මාධ්‍ය පුළුල් වීමත් සමඟ ජනතාව වෙත සත්‍ය තොරතුරු ගලා යෑම වැඩි වූ බවත් , ඇතැම් අවස්ථාවලදී සිදු නොවිය යුතු දේවල්ද සමාජ මාධ්‍ය ඔස්සේ සිදු වන බවත්ය.

ඔහු මේ බව සඳහන් කළේ සමාජ ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවති විවාදයේදීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා,

” මේ වන විට ආණ්ඩුවට සමාජ මාධ්‍ය හිසරදයක් වී ඇති බැවින් ඒවා මර්දනය කර ගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා.

ඇත්තටම මේ පනත අපේ රටේ විශාල ආන්දෝලනයකට තුඩු දීලා තියෙනවා. අපේ රටේ මාධ්‍ය බොහෝ කාලයක් තිබුණේ අයිතිකරුවන් කිහිප දෙනකු අතේ. මේ රටේ තොරතුරු ජනතාව අතරට ගියේ ඔවුන්ගේ අභිමතය පරිදි. ඒ අනුව ජනතාව වෙත ගියේ පෙරන ලද තොරතුරු. සමාජ මාධ්‍ය පුළුල් වීමත් සමඟ ඇත්ත තොරතුරු ගලා යන මාධ්‍යයක් ලෙස සමාජ මාධ්‍ය උපයෝගී වුණා. නාරම්මල වෙඩි තැබීම පිළිබඳ සිදුවීම සමාජ මාධ්‍යයෙන් නොගියා නම් එය පොලිසිය විසින් ගොතන ලද පුවතක් අනුව මිය ගිය තැනැත්තා වැරදි කරු බවට පත්වීමට ඉඩ තිබුණා. සමාජ මාධ්‍ය ජනතාව වෙත තොරතුරු ගෙන යෑම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකරනවා” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...