පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 කොළඹ (LNW):පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස් කර තිබේ.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව අපරාධ දිසාවේ රාජකාරීවලට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසද තවදුරටත් කටයුතු කරනු ඇත. 

නව තනතුරේ රාජකාරී ඉටු කිරීම 2024.01.08 දින සිට ක්‍රියාත්මක කෙරෙන බවද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිකුත් කළ ලිපියේ දැක්වෙයි.

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මීට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයේ කටයුතු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...