සුපිරි හය වටයේ අද ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් තරග වඳියි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 30 කොළඹ (LNW): ශ්‍රී ලංකාව දේශපාලන අතපෙවීම් නිසා සත්කාරකත්වය අහිමි කර ගත් අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සුපිරි හය වටයේ දෙවන කාණ්ඩයෙන් තරග වඳින ශ්‍රී ලංකාව සිය පළමු තරගයට අද සහභාගි වීමට නියමිතයි.මේ කාණ්ඩයේ ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව්,ඔස්ට්‍රේලියාව,එංගලන්තය,සිම්බාබ්වේ සහ සත්කාරක දකුණු අප්‍රිකාව සිටින අතර අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදියා වන්නේ බටහිර ඉන්දීය කොදෙය් කණ්ඩායමයි.


පන්දු යැවීමේ දක්ෂතාවයෙන් ඉදිරියට පැමිණි කණ්ඩායමක් හැටියට තරගාවලිය තුළ කැපී පෙණෙන ශ්‍රී ලංකාව අද තරගයේදී පිතිකරුවන් හැටියට ක්‍රියාත්මකවීමේදී දක්ෂතා අතරට පැමිණිම අත්‍යවශ්‍යය වෙනවා.විශේෂයෙන් ලකුණු හොයමින් සිටින ශ්‍රී ලංකා නායක සිනෙත් ජයවර්ධන මෙන්ම ආරම්භක පිතිකරු පුළිඳූ පෙරේරා පුහුණු තරගවලින් පසුව අකර්මන්‍යව ඇති සිය ලකුණු යන්ත්‍රය මේ තරගයේදී හෝ නැවත ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.එසේම ලකුණු අතර සිටින සාරුජාන් ෂන්මුගනාදන් මේ තරගයේදී පිතිකරු නාමාවලියේ ඉහළට ගැනීමත් වැදගත් වෙනවා.එසේ නොවීමෙන් ඔහුට ශ්‍රී ලංකාව මුහුණ දුන් ඕසට්‍රේලියානු තරගයේදිත් අවසාන භාගයේදී හොඳ ඉණිමක් ගොඩ නැගීමට අවශ්‍යය සහය නොලැබී යාමෙන් අනවශ්‍යය පීඩනයකට ලක් වූ අයුරු දකින්නට ලැබුණා.
ඡායාරූපයේ දැක්වෙන්නේ මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙණුනම ක්‍රීඩකයා වූ දිනුර කළුපහන පන්දුවට පහර දෙන අයුරුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...