යුක්තියේ මෙහෙයුම් වලින් තවත් සැකකරුවන් සැකකරුවන් 729 ක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 31 කොළඹ (LNW): දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 499 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 230 ක් සමගින් මුළු සැකකරුවන් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිසිය පවසයි.

පහත මත්ද්‍රව්‍යද දිනයට අදාලව සොයාගෙන ඇත.

හෙරොයින් 146g, අයිස් 119g, ගංජා 945g, ගංජා පැල 6,241, ඈෂ් 308g, මාවා 614g, මදනමෝදක 254g ඒවා වේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 499 දෙනා අතරින් සැකකරුවන් 03 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 04 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 03 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 230 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 19 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 204 ක්ද සිටි.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 01 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 06 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සාවාරු ගං ඉවුරෙන් හමු වූ අත්බෝම්බ සහ උණ්ඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : අද (04)දින කින්නියා...

සජිත් සමාව ගනී!

කොළඹ LNW: පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රයේදී සෝමේ (soome)...

හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...