යුක්තියේ මෙහෙයුම් වලින් තවත් සැකකරුවන් සැකකරුවන් 729 ක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 31 කොළඹ (LNW): දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 499 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 230 ක් සමගින් මුළු සැකකරුවන් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිසිය පවසයි.

පහත මත්ද්‍රව්‍යද දිනයට අදාලව සොයාගෙන ඇත.

හෙරොයින් 146g, අයිස් 119g, ගංජා 945g, ගංජා පැල 6,241, ඈෂ් 308g, මාවා 614g, මදනමෝදක 254g ඒවා වේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 499 දෙනා අතරින් සැකකරුවන් 03 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 04 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 03 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 230 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 19 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 204 ක්ද සිටි.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 01 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 06 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...