ඉමියුනොග්ලොබියුලින් ගැන අහන්න කෙහෙළිය CID කැඳවයි!

Date:

කොළඹ LNW:හිටපු සෞඛ්‍ය අමාත්‍ය,වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබේ.

අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකුටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙක් වන සමන් රත්නායක හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති සරත් ලියනගේ යන අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිමට නියමිතයි.

ඉන්දීය ණය ආධාර යටතේ මිලදීගත් බව කියන ඉමියුනොග්ලොබියුලින් එන්නත සම්බන්ධ ප්‍රශ්නගත ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙම කැදවීම සිදුකර ඇත.

මෙම සිද්ධියට අදාළ නඩු විභාගය යළි හෙට දින එනම් පෙබරවාරි 01 වැනි දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවීමට නියමිතයි.

මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...