විගමණික ශ්‍රමිකයන් විසින් ශ්‍රී ලංකාවට එවනු ලබන සෑම ඩොලරයක් සඳහාම දැනට ගෙවනු ලබන රුපියල් 10 ක දිරි දීමනාව රුපියල් 38 දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව එම දිරි දීමනාව රු. 28කින් වැඩි කිරීමටයි රජය කටයුතු කර ඇත්තේ.
එළඹෙන උත්සව සමයේදී ශ්‍රී ලංකාවට ප්‍රේෂණ දිරිමත් කිරීම, විගමණික ශ්‍රමිකයන් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වැඩි ආර්ථික ප්රතිලාභ ලබාදීම සඳහා මෙම තීරණය ගෙන ඇත.
එම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.
ASK