හිරුණිකාගෙ ගෙදරටත් අසූචි ප්‍රහාරයක් ! ජනතාව මේවට ඡන්දයෙදි ප්‍රතිචාර දක්වයි – ෆොන්සේකා

ලිපියක් බාරදීම සඳහා කාන්තාවන් පිරිසක් සමග ජනාධිපතිවරයා පදිංචිව සිටි නිවස වෙත යෑම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පොදුජන පෙරමුණේ දේශපාලනඥයන්ගේ තර්ජනවලට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.

පසුගිය දින කිහිපය පුරා කොලොන්නාවේ හිරුණිකා ප්‍රේමචන්ද මහත්මියගේ නිවස අසල පොහොට්ටු ආධාරකරුවන් නිවැසියන්ට බාධා සිදුවන අයුරින් හැසිරෙමින් සිටි බව පෙන්වා දෙන ෆොන්සේකා මහතා පවසන්නේ සමස්ත ලෝකයම කාන්තා දිනය සමරමින් සිටිද්දී පොහොට්ටුවේ දේශපාලනඥයන් සහ පාක්ෂිකයන් කාන්තාවන්ට, ළමුන්ට පීඩා සිදු කරමින් කාන්තා දිනය සමරන බවයි.

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පොහොට්ටු පාක්ෂිකයන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවස වෙත අසූචි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවයි. මේ නිසා පොහොට්ටුවේ සංකේතය අසූචි දැයි ප්‍රශ්න කිරීමට සිදුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

මෙසේ කාන්තාවන්ට නින්දා කරමින් කටයුතු කරන පොදුජන පෙරමුණට ඉදිරි මැතිවරණවලදී ඡන්දදායකයන් සිය ඡන්දයෙන් නිසි ප්‍රතිචාර දක්වනු ඇති බවද ඔහු ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...