ගූගල් සමාගම සිය මුල් පිටුව ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් සරසයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 04 කොළඹ (LNW): අද (04) නිදහස් දිනදා අන්තර්ජාලයේ සුප්‍රසිද්ධ සෙවුම් යන්ත්‍ර පද්ධතියක් වන ගූගල් සමාගම සිය මුල් පිටුව ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් සරසා ඇත. ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් Google වචනයට ඉහළින් අහස ශ්‍රී ලංකා ජාතික ධජය ලෙලදෙන අයුරු දක්වා ඇත.

විවිධ රටවල ඓතිහාසික අවස්ථාවන් සනිටුහන් කිරීම සඳහා ගූගල් වරින් වර එහි ඩූඩලය වෙනස් කරයි.පරිශීලකයාට ශ්‍රී ලංකාවේ google.lk සහ google.com මුල් පිටු නැරඹිය හැකිය.

1996 දී ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ ලැරී පේජ් හා සර්ජි බින් යන ආචාර්ය උපාධි අපේක්ෂකයන් දෙදෙනා ‘ස්ටැන්ෆර්ඩ් ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය‘ වෙනුවෙන් සැකසූ වාර්තාවකින් ගූගල් බිහි විය. ඒ අනුව 1998 සැප්තැම්බර් 4 වැනිදා ගූගල් සමාගම නිල වශයෙන් ආරම්භ විය.

ගූගල් යන නම ලැබී ඇත්තේ ද ‘ගෝගල්‘ (10100) (අංක එකට පසු බින්දු සියයක්) යන නමේ අකුරු වැරදියට ලිවීමෙන් බව සඳහන් වේ. එසේම ලොව අංක එකේ සෙවුම් යන්ත්‍රය වන ගුගල් සෙවුම් යන්ත්‍ර සේවාව විසින් පවත්වාගෙන යන doodle සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ 76 වන නිදහස සංකේතවත් කොට තිබේ.

ගුගල් doodle යනු ගුගල් සෙවුම් යන්ත්‍රයේ සලකුණ වෙනුවට වැදගත් දිනයන් හා උත්සව අවස්තාවන් වලදී ගුගල් සලකුණ එයට ගැලපෙන ආකාරයෙන් සකස් කරන්නාවූ සේවාවකි. එහිදී අපට ගුගල් වෙත වැදගත් අවස්තාවන් දිනයන් පිලිබඳ යෝජනා කල හැකි අතර ඔවුන් ඒවා සලකා බලා එයට ගැලපෙන නිර්මාණයක් සිදුකොට doodle ලෙසින් අන්තර්ජාලයට මුදාහරිනු ලබයි. එය ඉතාමත් විශේෂ වූ දෙයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරද?

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

ලෝව ජීවත්වීමට සුදුසුම නගර ශ්‍රේණිගත කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකොනොමිස්ට් බුද්ධි ඒකකයේ...

ඇන්ජි…

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: ඇන්ජලෝ මැතිවිස් නික්ම යයි.ඒත්...

කොළඹ නියෝජ්‍ය නගරාධිපතිකම ඡන්දයක් නොතියාම දුන්නේ ඇයි ?

කොළඹ නගර සභාවේ මංගල සභාවාරය ඊයේ (16) පැවැත්වුණු අතර...