*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

2022 න් පසු ආණ්ඩුවේ ජයග්‍රහණ ගැන ජනපති එකින් එකට කියයි!

කොළඹ LNW: 9 වන පාර්ලිමේන්තුවේ පස් වන සැසිවාරය විවෘත කිරීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 පාඩු වසරක් තුළ රජය අත්පත්කරගෙන තිබෙන ජයග්‍රහණ ගැන මේ වන විටත් පහැදිලි කරමින් තිබේ.

ඒ අනුව 2022 අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9% ක් වූ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය, 1977න් පසු පළමු වරට 2023 වසර අවසානයේදී අතිරික්තයක් ඇති කර ගත හැකි වූ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

2022 අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7%ක් වූ අයවැය ප්‍රාථමික හිඟය, 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් කර ගැනීමට හැකි වූ බවත් නිදහසින් පසු ගෙවී ගිය 76 වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගැනීමට හැකි වූ 6 වැනි අවස්ථාව මෙය බවත් වික්‍රමසිංහ මහතා පවසන ලදී.

2021 වසරේදී 194,495ක් වූ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2023 වසරේදී 1,487,303ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ අතර මේ වසරේ ජනවාරියේදී පමණක් 200,000කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ ඇති බවද හෙතෙම සඳහන් කළේය.

වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂාව බවද ඔහු තවදුරටත් පැවසුවේය.

”2022 වසර පුරා කඩා වැටුණු ආර්ථිකය, 2023 වසරේදී වාර්තාගත ප්‍රගතියක් අත් කර ගත හැකි වූයේ අහම්බයකින් නොව ඉතා පරිස්සමින් හා දූරදර්ශීව සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම තුළිනි. දශක ගණනාවක් පුරා දුක් විඳි ගොවි ජනතාව වෙනුවෙන් කෙරෙන උපහාරයක් වශයෙන් පසුගියදා ආරම්භ කළ උරුමය වැඩසටහන ඔස්සේ මිලියන දෙකකට අධික ජනතාවකට අහිමි වූ ඉඩම් හා නිවාස අයිතීන් නැවත ලබා දීම ඓතිහාසික මෙන්ම විප්ලවකාරී පියවරක්. ජනාධිපති අරමුදල මඟින් 2023 වසර පුරා රෝගීන් 4917 දෙනෙකු සඳහා රුපියල් මිලියන 915ක් ලබා දී ඇති අතර රාජකාරි දින 3ත් 5ත් දක්වා කාලයක් තුළ ගෙවීම් සිදු කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් මේ වසරේ සිට සියලු වෛද්‍යාධාර 50% සිට 100% දක්වා වැඩි කිරීමට නියමිතයි. පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙළක් ද ජනාධිපති අරමුදල හරහා ක්‍රියාවට නංවා තිබේ.2022 වසරේ 437,547ක් වූ බදු සඳහා ලියාපදිංචි වූවන් සංඛ්‍යාව 2023 අවසානය වන විට 130% ක වැඩිවීමක් පෙන්නුම් කරමින් 1,000,029ක් දක්වා ඉහළ නැංවීමට හැකිව ඇත.”

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ඉදිරියට යනවිට ආර්ථිකය තව දුරටත් ස්ථාවර වීමේදී බදු බර අඩු කරන බවත් ඒ සමඟම වැට් බදු ප්‍රතිශතයද සංශෝධනය කිරීමට අවකාශ සැලසෙන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

මේ වසරේ මුල් මාස හය තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ක්‍රියාත්මක කරලීමට අපේක්ෂා කරන අතර එය මෙරට ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේ මූලික පදනම මෙන්ම ණය පීඩනයෙන් මිදීමේ මාර්ගයේ සංධිස්ථානයක් බවට පත්වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය

මේ වසරේදී 2% – 3%ක ධන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි බව IMF, ලෝක බැංකුව මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර ඇති බවත් 2025 වසරේදී එය 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට ක්‍රියා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan