තම පියාගේ සුව දුක් බැලීමට ආ හැරී කුමරු!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 08 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එංගලන්තයේ තුන්වැනි චාල්ස් රජු මේවන විට පිළිකාවක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින අතර , ඔහුගේ සුවදුක් විමසීම සඳහා ඇමරිකාවේ සිට පැමිණි බාල පුත් හැරී කුමරු ක්ලැරන්ස් මාලිගයේදී මුණගැසී ඇති බව එංගලන්ත මාධ්‍ය පවසයි.

පසුගිය කාලයේ රජ පවුලෙන් වෙන්ව ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වාසය කරන හැරී කුමරු සිය පියා වන චාල්ස් රජු පිළිකාවකින් පෙළෙන බව අනාවරණය වීමත් සමගම සිය රාජකාරි කටයුතු අත්හිටුවා වහා එංගලන්තයට පැමිණි අතර විනාඩි 30 ක පමණ කාලයක් ඔවුන් දෙදෙනා සුහද කථා බහක නිරතව සිට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම අවස්ථාවට චාල්ස් රජුගේ බිරිය වන කැමිලා බිසව ද සහභාගි වී ඇති අතර විනාඩි 30 ක කාලයක් හැරී කුමරු සමග කථාබස් කිරීමෙන් අනතුරුව ක්ලැරන්ස් මාලිගයේ සිට හෙළිකොප්ටර් යානයකින් චාල්ස් රජු හා කැමිලා බිසව ඔවුන් මෙම දිනවල රැඳී සිටින සැන්ඩි්‍රන්ගම් ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ගොස් තිබේ.

සැන්ඩි්‍රන්ගම් නිවසෙහි විවේකී සුවයෙන් කල් ගෙවන චාල්ස් රජු එහිදී පිළිකා ප්‍රතිකාර ලබමින් සිටි. හැරී කුමරු සිය පියා හමුවීමෙන් පසු මධ්‍යම ලන්ඩනයේ පිහිටි හෝටලයක් වෙත නවාතැන් ගැනීම සඳහා ගොස් තිබේ. ඔහුගේ බිරිය වන මේගන් මර්කල් මෙම ගමන සඳහා එක් වී නොමැති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...