අනුර අද කේරළ ප්‍රාන්ත රජයේ බලධාරීන් කිහිපදෙනෙකු හමුවෙයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW):

ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (08) කේරළ ප්‍රාන්ත රජයේ බලධාරීන් කිහිපදෙනෙකු හමුවීමට සැලසුම් කර ඇති බව එම පක්ෂය පවසයි.

තවද, ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි එරට අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් තොරතුරු තාක්ෂණ හා නවෝත්පාදන මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කිරීමට ද පිරිස එක් වීමට නියමිත බව සඳහන් වේ. 

පසුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස සූර්ය පැනල විදුලි බලාගාරයක් සහ කෘෂි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණය කිරීමට එක්වීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...