විදුලි වාහන ගැන චීනයෙන් නව වැඩපිළිවෙලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 08 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව බලශක්ති මෝටර් රථ වෙළඳාමේ විධිමත් සංවර්ධනයට සහයෝගය දැක්වීම සඳහා ,චීන වාණිජ අමාත්‍යාංශය ඇතුළු ආයතන 9 ක් උපදෙස් මාලාවක් නිකුත් කරයි.

රටේ නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදන ව්‍යවසායයන්ට අදාළ ව්‍යාපාරවල පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන විදේශ රටවල ස්ථාපිත කිරීමට පියවර ගැනේ. එසේම, විදේශීය පර්යේෂණ ආයතන සහ කර්මාන්ත සමූහයන් සමග උපායමාර්ගික සහයෝගිතා ඇරඹීම ද දිරිමත් කිරීමද බලාපොරොත්තු වේ.

මීට අමතරව නිදහස් වෙළඳ ගිවිසුම්වලට අදාළ ප්‍රතිලාභ ප්‍රයෝජනයට ගැනීමේ දී නව බලශක්ති මෝටර් රථ හා බැටරි සමාගම්වලට රාජ්‍ය අංශයේ සහාය හිමි වනු ඇත.

චීන වෙළඳ සන්නාම පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගීමට මෙන්ම අපනයන ප්‍රමිතිකරණය ඔස්සේ සාධාරණ තරගකාරී පරිසරයක් නිර්මාණය කිරීමට එමගින් පියවර ගැනෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...