රුසියාවෙන් ඛනිජ තෙල්, ගෑස් ආනයනය අත්හිටුවයි

Date:

රුසියාව විසින් නිෂ්පාදනය කරන ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීම රටවල් රැසක් විසින් අත්හිටුවා තිබෙනවා. රුසියාවට පනවා තිබෙන සම්බාධක යටතේ මෙම තීරණය ක්‍රයාත්මක වේ.

රුසියාවෙන් ඉන්ධන ආනයනය අත්හිටුවීමට ඇමරිකා එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබේ. මේ හේතුවෙන් රුසියාවේ ඛනිජ තෙල් වෙළඳාම සඳහා දැඩි බලපෑමක් සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ.

මේ අතර යුරෝපා සංගමයට අයත් රටවල් රුසියාවෙන් ගෑස් ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ. ශීත කාලගුණය යුරෝපා රටවලට තවමත් බලපාමින් තිබියදී මෙවැනි තීරණයක් ගැනීම කැපී පෙනෙනවා.

රුසියාව පවසන්නේ ගෑස් හා ඉන්ධන මිලදී ගැනීම අත්හිටුවීමෙන් බරපතල පාඩුවක් සිදුවන්නේ තමන්ට නොව එම රටවලටම බවයි. සීත කාලගුණයට මුහුණ දෙන එම රටවල ජනතාව ගෑස් හා ඉන්ධන අත්හිටුවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවලට පත්වන බවද රුසියාව අවධාරණය කරනවා.

බටහිර රටවල තීරණය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළකර තිබෙනවා. ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ රට රැක ගැනීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවයි. එ සඳහා ලොව සියලු රටවලින් උපරිම සහාය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මහතා පවසා තිබෙනවා.

මේ අතර යුක්රේන ජනතාවට රටින් පළායාම සඳහා රුසියානු හමුදා විසින් ක්‍රියාත්මක කරන මානුෂික කොරිඩෝව තවදුරටත් ක්‍රියාත්මක වේ. මේ වනවිට රටින් පලාගිය යුක්රේනුවන්ගේ ප්‍රමාණය මිලියන 02 ඉක්මවා ගොස් තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කරයි!

කොළඹ LNW: ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ...

චීනය සමඟ වන ආරවුල් අවසන් කර ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප් ජපානයේ නව අගමැතිවරියගෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය...