අලුතෙන් ටැක්ස් ෆයිල් ගේන්න කලින් නොගෙවූ බදු අයකරගන්න!

කොළඹ LNW:රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් බදු ලිපි ගොනු සැකසීම ප්‍රායෝගික නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

සියලු අවශ්‍යතා සම්පූර්ණ කරමින් එක් ලිපිගොනුවක් සැකසීමට පැය භාගයක් ගත වෙන අතර බදු ලිපිගොනු සැකසීමේ කාර්යයට නිලධාරීහු 9 දෙනෙක් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව දිනකට සැකසිය හැකි ලිපිගොනු සංඛ්‍යාව 144 කි. එක්කෝටි හැට ලක්ෂයක ලිපිගොනු සැකසීම සඳහා ඒ අනුව දිගු කාලයක් ගත වෙයි. ඒ අනුවම සැමට බදු ලිපිගොනු විවෘත කිරීම ප්‍රායෝගික නොවන බව රණවක මහතා පෙන්වා දෙයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කළ යුත්තේ බදු.ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන් 1272 ක බදු අය කර ගැනීම වන අතර එහෙත් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නැතැයි රණවක මහතා චෝදනා කරයි.

නව බදු ලිපිගොනු සෑම පුද්ගලයකු වෙනුවෙන් විවෘත කිරීමට පෙර, මෙතෙක් නොගෙවූ බදු අය කර ගැනීමට පියවර ගත යුතුය. ඊට විධිමත් වැඩපිළිවෙළක් වත්මන් රජය සතුව නොමැති බවද රණවක මහතා කියාසිටියි.

ඒ හේතුවෙන් ජනතාව පීඩාවට පත් කරමින්,ප්‍රායෝගික නොවන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබේ. පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙන්නේ, නවීන තාක්ෂණය ඔස්සේ පුද්ගලයන්ගේ ගනුදෙනු නිවැරදිව නිරීක්‍ෂණය කළ හැකි බවයි.

ඒ සඳහා QR කේත යොදාගත හැකි බවද ඔහු පවසයි. ඉන්ධන සඳහා කේතය හඳුන්වාදීම සාර්ථක වූ අතර ඒ අනුව ඉන්ධන, විදුලිය සහ ජල බිල්පත් සඳහා QR කේත භාවිතයට ජනතාව යොමුකරවීමට රජය පියවර ගත යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ඒ යටතේ ගනුදෙනු හා ඒවායේ වටිනාකම් පිළිබඳ නිවැරදි දත්ත ලබාගැනීමට හැකියාව ඇති බවත් බදු අයකිරීම විධිමත් තත්ත්වයකට පත් කිරීමට එය පිටිවහලක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...