අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් – ඉදිරි සති දෙක තුළ ඖෂධ මිලත් ඉහළ යන ලකුණු!

Date:

ඉදිරි සති 2 තුල දිවයින පුරා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල හිඟයක් ඇති වන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති අනතුරු අඟවා තිබේ.

විශේෂයෙන් එය අර්බුදයක් දක්වා වර්ධනය විය හැකි අතර ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් ඖෂධ ආනයනකරුවන්ට ණයවර ලිපි විවෘත කිරීමට ඇති බාධාව ඊට හේතුව ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වන විටත් පිළිකා සහ වකුගඩු රෝග සඳහා ලබා ගන්නා ඖෂධ අඩු මට්ටමක පවතින බව ද වාර්තා වයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් පවසන්නේ රටට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොර ව ආනයනයට පියවර ගෙන තිබෙන බවයි.

එමෙන්ම ඉදිරි දිනවලදී ඖෂධ මිල ඉහළ දැමීමට පියවර ගන්නා බව ඖෂධ නියාමන අධිකාරිය පවසා ඇත.

ඖෂධ ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ ඖෂධ මිල වැඩි කිරීමෙන් පසු ඖෂධ වර්ග 75ක් සදහා පනවා ඇති මිල පාලනය ද ඉවත් කළ යුතු බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...