*
Friday, November 22, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

ජනපති e කොළම.

අශෝක ජයතුංග

පෙබරවාරි, 10 වොෂින්ටන් LNW : 🎀රනිල් හා පිරිස විනාඩි 40 ක් ගොළුවීම….?

🎀තායි අගමැතිගේ සතුට හා දිනිත්….?

🎀ලක්ෂ 20 කට ඉඩම් ඔප්පු…..!

🎀මාළිමාව නටන ඉන්දියා ගමනේ ඇත්ත…?

🎀මාළිමාව ගුජරාට් හිදී නව ලිබරල් ධනේෂ්වර ක්‍රමය හැදෑරීම….?

🎀පොනී – රනිල් හමුව….?

🎀යක්කු ගස් නගින වෙලාවේ සාගල ගිය ගමන….?

🎀සජබ දෙදරුවා ද…?🎀පර්ත් හිදී එළිවන අනුරගේ ඉන්දියානු ගමන….?

🎀ඉන්දියානුවන් හරීන් හා මහේෂ් ගෙන් විමසූ කරුණ….?

🎀මුල් වරට රටින්පිට නිදහස් සමරු දෙකක් වොෂින්ටනයේදී…!

     පැරෂුට්කරුවන් අඩු කඩාගත්ත ද 76 නිදහස අතපය කඩා නොගෙන  නිමවිය. බැරියර් දමා ජනතාවට එන්න නොදුන් බව විපක්ෂය කීවේය. චාම් උත්සවයකට පාසල් ලමුන් හා ජනතාව ආවා නම් වියදම ඩබල්ය. මුල් මුදල් ඇස්තමේන්තුවෙන් නිදහස සැමරූ මුල් අවස්ථාව මෙය විය.

       තායිලන්ත අගමැති අසනීප මැද වුවද පොලු නොතියා මෙහි ආවේය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් කරුණාරත්න ගේ අධීක්ෂණයෙන් සැකසූ සමරු කලාපයට තායි බසින් ලිපි ඇතුලත් කර ඔහු පිළිගැනීමද එම බාසාවෙන් සිදු කිරීම ගැන දැඩි ප්‍රසංශා පළවිය. ඔහු ගුවන් තොටට ඇරලුවේ විදේශ ඇමති සබ්‍රි ය.

     ලක්ෂ 20 කට ඉඩම් ඔප්පු දීමේ “උරුමය” ට දඔුළු ක්‍රිකට් පිටියේ සූදානම් කළේ හරීන් ය. ජනපති සමග සාගල ටිරාන් වජිර හා සමන් ඒකනායක ගියේ එක හෙලිකොප්ටරයෙනි.සියලු දෙනාට ශබ්දය වළකන හෙඩ් පෝන් දැමූ නිසා පිරිස විනාඩි 40 ක ගොළුවන් බවට පත් විය.

    ඔවුන් දිනුක් කොළඔගේ ගේ ගොවිපළට ගියේ තේ පානයටය.

       “එදා නාමල් එක්ක ක්ෂෙනුකා ඩාන්ස් කරපු එක වගෙම ඇය අනුර එක්ක දිල්ලි වල ගත්ත පිංතූරෙත් වෛයිරල්” සාගල කීවේ රනිල් ට එය පෙන්වමිනි.

      “මාළිමා අය උඩ පැන පැන නටන ඉන්දියා ගමනේ යටි අරමුණ මොකද්ද” ටිරාන් ඇසුවේය.

     “ඡන්ද ලංවෙන කොට ඉන්දියාව හැමදාම මෙහෙම කරනවා. ඒ ගමනෙන් සජබට රිදිලා හොඳටම බයවෙලා” ජනපති කීවේ ය.

         “ගුජරාට් නව ලිබරල් ධනේෂ්වර තැනක්.ජවිපෙ ට එදා ඉදල ඉන්දියාව  එයාලගෙ ආයෝජන වලටයි ව්‍යාප්ත වාදයටයි තදින් බැට දුන්නා.  ඒව අනුරට ඉන්දියාවෙදි හිස් මොළේ යන්නැති” වජිර කීවේ සිනා මැදය.

       පිරිස උත්සවයට එනවිට අගමැති හා සජබ ගයන්ත ද පැමිණ තිබිණ.

     එදා ඉඩම් ඇමති ලෙස ගයන්ත ඔප්පු දීමට පදනම දැමූහැටි හරීන් කීවේය. ඔප්පු ලැබූවන් සංවේදීව හඬා වැටිණ. ජනපතිට වදින්න උත්සාහ කළහ. ඔහු පිහිනුම් ක්‍රීඩාගාරය විවෘත කළේ පැරෂුට් කරුවන් ගැන ද එම හමුදාපති ගෙන් විමසමිනි. ඉතිරි ඔප්පු බෙදීම ගමේ මන්ත්‍රීල ගෙ ප්‍රධානත්වයෙන් කරන්නැයි හරීන්ට උපදෙස් ලැබිණ.

      පිරිස එදින රාත්‍රිය ගතකළේ අනුරාධපුරයේය. සාගල බෝධිය හා රුවන්වැලිසෑය වැන්දේ යක්කු ගස් නගින වෙලාවේ ය.    

      දිස්ත්‍රික් 12 ක එජාප කටයුතු සම්පූර්ණ බව රංගෙ කීවේ කළමනාකරණ කමිටුවේදීය. ඔප්පු බෙදීමට එජාප සංවිධායකයන් එක් කරගන්නා ලෙස කල ඉල්ලීමට ද එකගත්වය ලැබිණ. තවද රනිල් ගේ ජනපති සටනේ ඇරඔුම කුරුණෑගලින් ගැනීමට ද තීන්දු විය.

      නව පාර්ලිමේන්තු සැසිය විවෘත කිරීමේදී රථ, ආචාර පෙළපාලි, වෙඩිමුර අනවශ්‍ය බව හා  ආගමික හා සාම්ප්‍රධායික කටයුතු ප්‍රමාණවත් බවත් ජනපති තීන්දු කළේය.

      එහිදී ජනපතිගේ කතාව කාගේත් පැසසුමට ලක්වුවද සජබ හා විපක්ෂය එළියට ගියහ.  එහෙත් සජබ රාජිත පොන්සේකා චම්පික වෙල්ගම ඩලස් වඩිවේල් හා ජවිපෙ හරිනි ඇතුළු විපක්ෂයේ   10 කට වැඩි පිරිසක්  රැදිණ. පිටවූ  අය අතර ද එම තීන්දුවට එරෙහි පිරිසක් සිට තිබේ.  සමහරු එදින පාර්ලිමේනිතු නොපැමිණියේද පක්ෂ තීන්දුවට විරෝදය පළකිරීමට බව පැවසේ. එදා තේ සංග්‍රහය ජනපතිගේ වියදමෙනි.

     “සජබ බෙදිලා බව අද පෙනුනා” අගමැතී කීය.

    “තව හොඳ හොඳ සෙල්ලම් වෙන්නත් බැරි නෑ" යයි කී කපටි නරියා ඉවත බලා ගත්තේය.

       තේ බී කාර්යාලයට එනවිට මැති ඇමතිවරු  සිටියද හමුවීමට යොදාගෙන තිබූ පොන්සේකාට ප්‍රමුඛත්වය ලැබිණ.

     “ඉන්දියාව වි: නායකට කලින් ජවිපෙට චාන්ස් එක දීමෙන් පේන්නේ විශ්වාසය ගැන ගැටලුවක්” ජනපති කීය.

     පොfන්සේකා පිටව ගිය පසු බොහෝ දෙනෙකු ඇසුවේ ඔහු කීදේ ගැනය. එහෙත් “රනිල් ඉබ්බාගෙන්” පිහාටු නොලැබෙන බව යළිත් සනාථ විය. තමාට හිමි වියයුතු හිරවූ මුදලක් හා ඉදිරි ජනපතිවරණ සැලසුම් ගැන අවධානය යොමුවූ බවට කසුකුසු පවතී.

     “සජබ නායකයගෙ තීන්දු පක්ෂයෙ සමහරු පිළිගන්නෙ නෑ. කීත් නෙල්සන් උගන්ඩා ගියා. තවත් අය ඕස්ට්‍රෙලියා යනවා. ගයන්ත ඔප්පු බෙදන්න ආවා. ඉදිරි මාස 3 – 4 දි මොනවයින් මොනව වේවිද ” රහසේ කපටි නරියාට ප්ලග් වෙන්නට සජබ අය වෙනුවෙන් ඩීල්දාන මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.  

     “දයා රත්නායකට ඡන්ද පදනමක් නෑ. සඳගිරි ගැන තරුණ අය දන්නෙ නෑ” වජිර කීවේය.

     “කදුළු ගෑස් ගහපු නිසා එකතු වෙන්නෙ නෑ කියල සජබ කියනවා. එදා ඒව කාපු පොහොට්ටුව රට වෙනුවෙන් එකට වැඩ කරනවා නම් මා එක්කම හිටපු සජබටයි යහපාලන කාලේ දූෂණ විරෝධී වගකීම් ඉටුකල ජවිපෙට බැරි ඇයි” රනිල් කීවේ උපහාසයෙනි.    

     පිටරට යාමට ගිජු බව විපක්ෂය කියන ජනපති ඉන්දියානු සාගරය රැකීමේ පර්ත් සමුළුවට ගියේ ජනපතිවරණය තෙක් යළි විදෙස් ගමන් නොයන බව කියමිනි.  එහිදී ඉන්දියාවේ ජයශංකර් හා අනුර අතර කතාබහෙන් කොටසක් හෝ එළිවීමට බැරි නැත. ඒ රනිල් හා ශංකර් අතර හමුවක් එහිදී සිදුවන බැවිනි.

    හරීන් හා යටිනුවර එජාප සංවිධායක මහේෂ් සේනානායක මුම්බායි සංචාරක ප්‍රදර්ශනයකට ගියේය.

    “ජවිපෙ අනුර ගැන ඉන්දියාවෙ අය දන්නෙ නෑ. රනිල් ජනපති ඉතා කෙටි කලකින් රට ගොඩදැම්මෙ කොහොමද කියල නම් ඔවුන් අහනවා” මහේෂ් සාගල ට ඇමතුමක් දෙමින් කියා තිබේ.

      ලොව ප්‍රබලම රටේ ඇමෙරිකන් මහින්ද ගේ ද දායකත්වයෙන් වොෂින්ටන් තානාපති පරිශ්‍රයේ හා ලාංකික සංවිධාන 06 ක් එකමුතුව කල නිදහස් උත්සව දෙකට ඇමෙරිකානු රජයේ ප්‍රබලයන් හා 1000 ඉක්මවූ පිරිසක් එක්වීම විශේෂත්වයකි.

    “මම ඇමෙරිකාවට එනකොට ලංකාව අර්බුදයක තිබුණේ. IMF හරහා ඊට විසදුම් දෙන්න අපි මූලාරම්භය දුන්නා. මෙරටින් කෝටි දසදහස් ගණනක ඖෂධ ඇතුළු  ආධාර හා ආයෝජන ලංකාවට ලබා දුන්නා. 2024 දි එය තව වැඩි කරන්න කැප වෙනවා. ඇමෙරිකාවේ ඉන්න ලාංකිකයන් ලංකාව වෙනුවෙන් කැපවෙන බව ස්ථිරයි. ලාංකිකයන්ට එකතු වුණොත් කල නොහැක්කක් නෑ. මේ උත්සවය සිදුකල සංවිධාන 06 ඊට නිදසුනක්” තානාපති මහින්ද කීවේ දැඩි ප්‍රතිචාර මැදය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan