(VIDEO ):සාකච්ජා අතිශයින් අසාර්ථකයි – සෞඛ්‍ය වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයකට!

Date:

LNW:දීමනා මුල්කරගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් බලාපොරොත්තුවෙන් අද (12) මුදල් අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු රජයේ පාර්ශව සමඟ සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය සිදුකළ සාකච්ජාව අසාර්ථක වී තිබේ.

එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ විශේෂයෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පූර්ව සැලසුමක් මත එකඟතා ඉදිරිපත් කළද ඒවාට එකඟවීමට නොහැකි වූ බවයි.

ඒ අනුව පැවති සාකච්ජාව අතිශයින් අසාර්ථක වූ බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති අද පස්වරුවේ රැස් වී වැඩවර්ජන ක්‍රියාමාර්ගය ගැන තීන්දුවක් ගන්නා බවත් ඔහු අවධාරණය කරන ලදී.

ඔහු පැවසූ අන්දමට හෙට හෝ අනිද්දා සිට සෞඛ්‍ය සේවයේ අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ වීමට නියමිතය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...