(VIDEO ):සාකච්ජා අතිශයින් අසාර්ථකයි – සෞඛ්‍ය වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයකට!

0
296

LNW:දීමනා මුල්කරගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් බලාපොරොත්තුවෙන් අද (12) මුදල් අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු රජයේ පාර්ශව සමඟ සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය සිදුකළ සාකච්ජාව අසාර්ථක වී තිබේ.

එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ විශේෂයෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පූර්ව සැලසුමක් මත එකඟතා ඉදිරිපත් කළද ඒවාට එකඟවීමට නොහැකි වූ බවයි.

ඒ අනුව පැවති සාකච්ජාව අතිශයින් අසාර්ථක වූ බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති අද පස්වරුවේ රැස් වී වැඩවර්ජන ක්‍රියාමාර්ගය ගැන තීන්දුවක් ගන්නා බවත් ඔහු අවධාරණය කරන ලදී.

ඔහු පැවසූ අන්දමට හෙට හෝ අනිද්දා සිට සෞඛ්‍ය සේවයේ අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ වීමට නියමිතය.

ASK