අපේ සිහිනය මේ රට දැනුමේ කේන්ද්‍රස්ථානයක් කිරීමයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

නූතන තාක්ෂණය ජයගත්, දැනුමින් සන්නද්ධ රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සිය ඒකායන අරමුණ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අනේකවිධ ප්‍රශ්න හමුවේ අපේ රට මේ වනවිට බරපතළ ඛේදවාචකයකට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, එයින් රට ගොඩනැගීමේ අභියෝගය ඇති බවත් ඒ වෙනුවෙන් තිරසාර වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් සඳහන් කළේය.

නූතන ලෝකය තුළ දීප්තිමත් ඩිජිටල් අනාගතයක් උදෙසා මෙරට සකලවිද දරු පරපුර, තාක්ෂණික කුසලතාවයෙන්ද, සුහුරු පරිගණක කුසලතාවයකින්ද, දැනුම පදනම් කරගත් නවීන තාක්ෂණික සන්නද්ධ බවකින්ද සුපරිපූර්ණ කිරීම අරමුණු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක පාසල් සඳහා ඩිජිටල් පරිගණක උපකරණ ලබාදීමේ ‘සක්වල’ 16වන පියවර ඊයේ (09) පැවැත්විණි. ඒ, ලෝක කාන්තා දිනයට සමගාමීව “සක්වල සුහුරු සවිය” වැඩසටහනට සමගාමීව ය.

ඒ අනුව රුපියල් අටලක්ෂ හතලිස් හයදාහක් (රු. 846,000) වටිනා සුහුරු පන්ති කාමර උපකරණ කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කරනු ලැබීය.

එම අවස්ථාවට, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නිත්‍ය සහකාර නියෝජිත මධුෂා දිසානායක සහ සමගි වනිතා බලවේගයේ නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැඩ ඔය ද්‍රෝණිය සහ කුඹුක්කන් ඔය ආශ්‍රිතවත් ගංවතුර අනතුරු හැඟවීම්

සටහන - රුවන් නෙළුගොල්ල හැඩ ඔය ද්‍රෝණියේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව...

ජනාධිපති කියපු විනිවිදභාවය බොරුවක් – මුජිබර්ගෙන් චෝදනා

කොළඹ LNW: විනිවිදභාවය, පාරදෘශ්‍යභාවය ගැන ජනාධිපතිවරයා කතා කළද එලෙස...

කඳු නැගීමේ මාර්ගෝපදේශකයකුත් Aoraki – Mount පහළට ඇදවැටී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Aoraki – Mount ...

මාලිමාව හික්කඩුව නගරසභාවේ අයවැයත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගරසභාවේ අයවැය ද...