අධ්‍යාපන පද්ධතියට එක් වූ AI තාක්ෂණය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 13 කොළඹ (LNW): කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සඳහා වන නියමු ව්‍යාපෘතිය මයිකොසොෆ්ට් ආයතනයේද සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සඳහා, තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සම්බන්ධයෙන් 2023.10.02 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේදී කෘතිම බුද්ධියට අදාළව ජාතික උපායමාර්ගයක් සහ සැලැස්මක් සකස් කිරීම පිණිස පත් කරනු ලැබ ඇති කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශයන්ට අනුගතව යෝජිත පාඨමාලා හඳුන්වා දිම සුදුසු බවට තීරණය කරන ලදී.

ඒ අනුව, අදාළ උපායමාර්ග සැලැස්මේ එක් අංගයක් වශයෙන් සාමාන්‍ය අධ්‍යාපනයට අදාළව කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වා දීම පිණිස නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම සඳහා ප්‍රමුඛතාව ලබාදෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ හදිසි...

නැවත අනවසර ඉදිකිරීම් බැහැ. ජනපති දැඩි තීන්දුවක!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සඳහා කිසිදු ඉඩක්...

දිත්වා මම සහ මගේ පොල්ගහ…

මම මේ දිත්වා ආපදාවට දින කිහිපයකට කලින් පෝස්ට් එකක්...

ආපදාවෙන් අවහිර වූ මාර්ග 85%ක් විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : ආපදාවෙන් අව­හිර වූ...