දඩල්ලේ ඇරඹෙන දෙවන ජාත්‍යන්තර සූරතාවලියේ සුදුසුකම් ලැබීමේ වට අද ඇරඹේ

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 13 කොළඹ (LNW): ගාල්ල දඩල්ල ගෘහස්ත ක්‍රීඩාංගණයේ දි පැවත්වෙන දෙවන අන්තර් ජාතික බැඩිමින්ටන් සූරතාවලියේ පළමු දිනය අදයි.ලීනින්ග් ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලිය ලෙස නම් කර තිබෙන මෙම තරගාවලියේ පිරිමි සහ කාන්තා සුදුසුකම් ලැබමේ වටවල තරග අද දිනයේ ක්‍රියාත්මක විමට නියමිතව තිබෙනවා.


පිරිමි තරග අංශයේ ප්‍රධාන තරග සැළසුමට සෘජුව සහ සුදුසුකම් ලැබීමේ වටයේ දක්ෂතා මත තේරෙන් පිරිස් ද ඇතුළත්ව 64 දෙනෙක් තරග වැදීමට නියමිතව සිටිනවා.අද සුදුසුකම් ලැබීමේ වටයට ද 64 දෙනෙක් තරග වදින අතර මෙම පිරිමි ප්‍රධාන තරග සැළසුමේ අංක එකට රැදී සිටින්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල වර්ථමානයේ අංක 68 ට සිටින විරේන් නෙත්තසිංහයි.


කාන්තා අංශයේ ප්‍රධාන තරග සැළසුමේ 32 ක පිරිසක් තරග වඳින අතර ඒ සඳහා සුදුසුකම් ලැබීමේ වටයේදී අවසාන තරග සැළසුමට සුදුසුකම් වටයෙන් පැමිණෙන කිහිප දෙනා අතරට ඒමට තරග කරන ප්‍රමාණය ද 32 ක් වෙනවා.ප්‍රධාන පූවරුවේ සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධාන කාන්තා නියෝජනය වන රනිත්මා ලියනගේ යි.පිරිමි අංශයේ ප්‍රධාන තරග ලේඛණයට විරේන් නෙත්තසිංහ,දුමිදු අබේවික්‍රම,රුසිඳු හෙන්දහේවා,බුවනෙක ගුණතිලක සහ ආශිංෂන හේරත් එක්ව සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...