මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 13 කොළඹ (LNW): මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබද පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදුව, මේ වන විට ඒම පනතේ විධිවිධාන ක්‍රියාත්මකව පවතින අතර, එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන ලද සංශෝධනයන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුගතව සිදු කළ යුතුව තිබූ බැවින්, ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධන යෝජනා එකී පනත් කෙටුම්පතට හඳුන්වා දීමට හැකි වී නොමැත.

අදාළ සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබූ ක්ෂේත්‍රයේ විශේෂඥයින් සමග තවදුරටත් සාකච්ඡා කර හඳුනාගනු ලැබ ඇති ‌සංශෝධන මත පදනම්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධන කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඉකුත් රජය සමයේ...

අදත් රිය අනතුරක්:15ක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : පෞද්ගලික බස්...

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඊයේ (15) පස්වරුවේ...

කවීජ ගමගේ තුන් ඉරියව් දස්කම්වලින් ලංකාවට ජය ගෙනෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: ඉටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරය...