සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි, 15 කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පසුගිය කාලයේ මුහුණ දුන් ගැටළුකාරී තත්ත්වයන් සහ එල්ල වූ විවිධ චෝදනාවන්වල ඉලක්ක ලෙස ක්‍රීඩකයින්ද ඉලක්ක කරගත් අයුරු අපි දුටිමු.ක්‍රිඩකයින් පමණක් නොවී පිටියේ සේවකයින් ද ඔවුන්ට එල්ල විය හැකි ජීවිත අවදානම ද නොතකා වංචාකාරයන් සහ දේශද්‍රෝහියන් ලෙස හංවඩු ගසන්නට ගත් උත්සාහයේ පලයක් වීමෙන් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීම යනු සෑහෙන අන්දමේ තර්ජනයක් වූ බව පිළිගත යුතු ඇත්තකි.තේරිම් කමිටුව නොවන තැනකින් ද දේශපාලන බලය සහ දේශපාලකයාට ලැබෙන් උපදේශනය මගින් ද පාලනය වීම එයට හේතුවක් විය.
එය ද හේතුවක් වෙමින් පරාජය ළඟා වන විට ලෝක කුසලාන තරගාවලියේදී තවත් තරග දෙකක් තිබියදී පරිපාලනය විසුරුවා හැර,ක්‍රීඩකයින් ද,පිටියේ සේවකයින් ද වංචාකරුවන් සේ හංවඩු ගැසූ පුද්ගලයෙකුට ක්‍රිකට් පරිපාලනය භාර දුන්නේය.එය ගැලපෙන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවටත් වඩා හොරා ගැන හොරාගෙන් තතු විත්ති විමසන තත්ත්වයකි.තමන්ගේ චෝදනාවන් සනාත කිරීම සඳහා අඩුම ගණනේ පරික්ෂා කිරීම සඳහා කියා හෝ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට දඬුවම් දෙමින් ජනප්‍රිය ජනමතය වෙනුවෙන් වැඩ කළේනම් සිඳුවන දේ දැණුන විට ක්‍රීඩකයින්ට එල්ල වෙන මානසික පීඩනය ගැන සිතා ගන්නට හැකිය.එහෙත් ඒ වන විට පරාජයෙන් සිත් බිදී සිටි,බොහෝ දෙනෙකුට සතුටු වන්නට තිබූ එකම දේ බවට පත්ව තිබූ ක්‍රිකට්වලට අත්වෙන ඉරණම නිසා පරාජය පිටින් තබා පරිපාලනය තලා පෙලා විනාශ කිරීමේ ව්‍යාපාතියට හොඳින් දිය පොහොර දමා වර්ධනය කරන්නට හැකි අවස්ථාවක් දේශපාලනයට ලැබුණේ ජනප්‍රිය තාලයේ මාතෘකාවක් බවට පත් වී ව්‍යාපත් කිරීම පහසු කරමින්ය.
මේ තත්ත්වය ඇතුළේ අයිසීසී මැදිහත්වීමෙන් දේශපාලන මැදිහත්වීම්වලට වාරණ පැනවුණ අතර ඒ අනුව ක්‍රීඩකයින්ට එල්ල වීය හැකිව තිබූ පීඩනය ද පහව ගොස් විශ්වාසය වර්ධනය කර ගැනීමට අවශ්‍යය මූලික සැකස්ම සැකසිණි.එතැන් පටන් සිඳු වුයේ පරණ පීඩනයෙන් මිදී ක්‍රිකට් අලුත් හැඩයකින් සකස්වීමය.පරාජය යනු පළයං කියා කරන තර්ජනයක් නොවී නැඟී සිටින්නට අත දෙන පාඩමක් වෙමින් කණ්ඩායමේ සියුම් වෙනස්කම් ද සමඟ අලුත් වෙන්නට පටන් ගත් ක්‍රිකට් හි මල්වර වීමට ප්‍රථම පෙන්වන වැඩිහිටි ලක්ෂණ සිම්බාබ්වේ සංචාරයේදී දැක ගන්නට ලැබිණ.දැන් වැඩිවියට පැමිණ ඇති බව සනාත කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගත්හ.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තරගාවලියේ දී ශ්‍රී ලංකාව එක් විස්සයි විස්ස තරගයක් පරාජය විය.සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියේ ශ්‍රී ලංකාව පරාජය වූ තරගය විශාල පිරිසකට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සිම්බාබ්වේ කණ්ඩායමටත් පසුපසින් තිබෙන බව කියන්නට විශාල හේතුවක් විය.ඇෆ්ගනිස්තානය ලෝකයේ ඕනෑම ක්‍රිකට් කණ්ඩායමකට විශේෂයෙන්ම එක්දින සහ විස්සයි විස්ස ආකෘතිය ඇතුළෙ අභියෝගයක් විය හැකි කණ්ඩායමක් බවට ඇෆ්ගන් අනන්‍යතාවය හැදින් වූ පිරිස් මෙය ශම්මිගේ පැටව් ටික බඩ පිරෙන්න කන තරගාවලියක් ලෙස ද අරුත් ගැන් වූහ.දැන් ආකෘති දෙකක තරග අහවරය.ඇත්තටම ඔවුන් වඩාත් ලෝකයේ ප්රකටව සිටින විස්සයි විස්ස ආකෘතිය සම්බන්ධ තරගාවලිය විස්සයි විස්ස වන බැවින් දැන් අභියෝගය විස්සයි විස්සට පැමිණ තිබේ.සියල්ල පරාජය වෙනු දැකීම පිළිබඳව අපේක්ෂාවෙන් සිටිය අයට දැන් සැනසීමේ බලාපොරොත්තුව වී ඇත්තේ විස්සයි විස්ස තරගාවලියෙන් හෝ ශ්‍රී ලංකාව පරාජය වෙනු දැකීම පමණය.
නොනිමී දැල්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් ඇතැම් අය තුළ ඇති පරාජයේ අපේක්ෂාව අප කියවා ගත යුතුය.ඒ පරාජය විය යුතු වන්නේ ශම්මිගේ කණ්ඩායමය.ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හඳුන්වා දීමට යොදන උද්ධෘතයත් සමඟ යටින් දිවෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හැටියට පරිපාලනශම්මි නොවන වෙන ඕනෑම අයෙක් යටතේ නොව,වෙන එක් අයෙක් යටතේ තිබිය යුතුය යනුවෙන් සිතන්නන්ගේ ව්‍යාපෘතියක්ය.දැන් එසේනම් අඩුම තරමේ පරාජය වෙනු යැයි සිතා සිටි,ජයගෙන තිබෙන ක්‍රිකට් හැදීන්වීමට ඒ අය යෙදිය යුතු උද්ධෘතයත් “ශම්මිගේ ක්‍රිකට් දිණුම්” යනුවෙන් වෙනස් විය යුතු නොවන්නේ ද?එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් සුබවාදීව දැකපු අයට “ශම්මිගේ ක්‍රිකට්වලට ආවඩන්නන්” ලෙස කියා,ක්‍රිකට් සුබවාදිව දැකීම පිරිසක් විසින් අනියමින් සරදමකට ලක් කළේය.ඔවුන් විවේචනයට පත් කළ අයුරෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෙස එහි අභිවෘද්ධිය අපේක්ෂා කළ අයට දමා ගසන්නටත්,පරාජයන් හෙළා දක්නිනටත් පාවිච්චි කළ “ශම්මිගේ ක්‍රිකට්” යන්න දැන් ජයග්‍රහණයේ නාමකරණයට ඇතුළක් කළ හැකි තත්ත්වය නිර්මාණය කළේ ශම්මි විරෝධීන්මය.ඒ නිසා ඔවුන්ගේ මුල් හැඳින්වීම ඔස්සේම ජයග්‍රහණයේ වගකීමත් දැන් ශම්මිට හිමි විය යුතුය.බූමරංග නොදැන භාවිතා කිරීමත්,ක්‍රිකට් වෙනුවට පුද්ගලානුබද්ධ වෛරයෙන් වෙනත් අය සමාජගත කරන දේ තමන්ගේ කරගන්න යාමෙන් අවසානයේ ඉතුරු වී ඇත්තේ ඔවුන් අත දරා වීසිකර ගල් මල් බවට පත්වීමය.
කෙසේ වෙතත් අප එක් දෙයක් පිලිගත යුතු වන්නෙමු.භාහිරෙන් එල්ලවෙන පිඩාවක ගොඳුරු ලෙස ක්‍රීඩාවට බලපැම් කළ හැකි බවට සැක කළ හැකි බලවේග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් යම් පීඩනයකට නතු කරගෙන සිටිය බවය.මේ වන විට පහසු සහ සැහැල්ලු ජයග්රාහි හැසිරිම්වලින් එය පැහැදිළිය.ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජයන් විසින් එයට ආදරය කරන ප්‍රේක්ෂක කණ්ඩායම්වලට ලබා දි තිබෙන පිඩනය ද ඒ ආකාරයෙන්ම දැකිය හැකිය.එයට හොඳම උදාහරණය ඊයේ දකින්නට ලැබුණේ ජයග්‍රහණයේ සතුට ඒ පීඩනය බිඳගෙන එළියට පැමිණි මොහොතේ සාමාන්‍යයෙන් ලාංකේය ප්රේක්ෂකයන්ගෙන් දැකිය නොහැකි දර්ශනයක් දකින්නට ලැබීමය.ඒ සතුට තමන්ගේ සීමාව ඉක්මවා පිටියට පනින්නට තරමේ බලපෑමක් එල්ල කර තිබුණ බව පැහැදිළි කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිටියේ මෑථකාලයේ නුපුරුදු දසුනක් මවා පෙන්වමින් ප්‍රේක්ෂකයෙක් සතුට පළ කරන්නට ක්‍රීඩා පිටියට ද වැදිණි.
මන්ද පරාජය වන්නේ හෝ පරාජය විය යුතු යැයි හඳුනාගත් එහෙත් ජයගෙන ඇත්තේ ශම්මිගේ ක්‍රිකට් ය.පරාජයේ දී එකක් සහ ජයග්රහණයේදී එය ශ්‍රී ලංකා වීම අවංකකම නොවේය.එය අහම්භයක් නොවන බව ද විශිෂ්ඨතම ජයග්‍රහණ බව ද පැහැදිළිය.ගෙවුණු තරග දෙක පහසුවෙන් ජයගෙන තෙවන තරගයට පිවිසෙන විට ශ්‍රී ලංකා නායකයා තරගයට පෙර පැවති පූර්ව මාධ්‍ය හමුවකදී පැවසූ පරිදි තෙවන තරගයේදී යම් වෙනස්කම් කිරීම අපේක්ෂාව බව පැවසීය.ඒ වෙනස්කම ලෙස තෙවන තරගයේදී කණ්ඩායමේ සිඳු කර තිබුණේ විස්සයි විස්ස තරගයට ශ්‍රී ලංකා සංචිතයේ සිටින හොඳම සහ විශ්වාසවන්තම දඟ පන්දු යවන්නන් දෙදෙනා විවේක ගැන්වීමය.එක් අයෙක් විස්සයි විස්ස කණ්ඩායමට නායකත්වය දෙන වනිඳු හසරංග ය.අනෙකා මෑත කාලයේ බොහෝ ප්‍රතිවාදින්ගේ පිත්තෙන් එන ලකුණු හරස් කරන ප්‍රධානිය වී සිටින මහේෂ් තීක්ෂණය.
ප්‍රධානම ආයුධ දෙක වෙනුවට ආදේශ ආයුධ රැඟෙන සටනට ඒමට තරම් නායක කුසල් මෙණ්ඩිස්ට සිය කණ්ඩායම ගැන තිබුණ විශ්වාසය මෙන්ම,කණ්ඩායමක් හැටියට ඒ විශ්වාසය මත පදනම්ව කටයුතු කරන කණ්ඩායමත් යන්න අපූරු ය.ඊයේ මුල සිටම මේ දක්වා තරගාවලියේ අසාර්ථකව සිටි ඇෆ්ගනිස්තාන ප්‍රහාරාත්මක පිතිකරු රහ්මතුල්ලා ගුර්බාස් ක්‍රියාත්මක වන්නට පටන් ගත්ත ද පසුව ඔහුව යම් පාලනයකට නතු වූ අතර එහෙත් වේගය අඩාල කළත් ඔහු වටිනා ලකුණු 48 ක් එක් කිරීම නැවතිය නොහැකි විය.රහ්මත් ෂා වැඩිම ලකුණුලාභියා වූ අතර ඔහුගේ දායකත්වය ලකුණු 65 ක් විය.අස්මතුල්ලාහ් ඔමර්ෂායි අනෙක් අර්ධ ශතකයේ හිමිකරු විය.ඔහු පළමු තරගයේ දී ද ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් ලැබූ අතර මේ තරගයේදී ද අර්ධ ශතකයක් එකතු කරන්නට සමත් විය.
වනිඳු සහ තීක්ෂණ වෙනුවට කණ්ඩායමට පැමිණි වෙල්ලාලගේ සහ අකිල සිය පන්දු ඕවර් 10 තුළින් ශ්‍රී ලංකානට හොඳ දායකත්වයක් ලබා දුන්නේය.දුනිත් වෙල්ලාලගේ ඒ අතරින් සිය පන්දු ඕවර් 10 නිමා කළේ ලකුණු 38 ක් පමණක් ලබා දෙමින් කඩුලු 2 ක් දවා ගනිමින්ය.අකිල ගේ පන්දු ඕවර් 10 ට ලකුණු 54 ක් ලබා ගත්තත් ඔහුට කඩුලු 2 ක් හිමි විය.පන්දු ඕවර් 20 ක් ලෙස දෙදෙනාගේ දායකත්වය සැළකුවොත් කඩුලු 4 ක් සඳහා ලකුණු 92 කි.ගුර්බාස් විසින් පළමු ඕවරයේදීම ඩිල්ෂාන් මධුශංකගෙන් ලකුණු 17 ක් උඳුරා ගත් පසු ඔහුට නැවත රිද්මයට පැමිණීම පහසු නොවිණි.විශේෂයෙන් ඔහු විසින් වයිඩ් පන්දු 4ක් සහ එක් නිපන්දුවක් යොමු කිරීමම වැඩිපුර පන්දු ඕවරයකට එක් පන්දුවක් අඩුවෙන් ලකුණුත් සමඟම ඇෆ්ගනිස්තානයට පරිත්‍යාග කිරීමක්ය.ඒ පන්දු පහත් සමඟ ඔහු විසින් මුල් ඕවරයෙන් පසුව යවන ලද පන්දු ඕවර් 5 ට ලකුණු 35 ක් ලබා දුන් අතර ඒ අනුව ඊයේ ඩිල්ෂාන් පන්දු ඕවර් හයට ලකුණු 52 ක් ලබා දී කඩුලු ලබා නොගත් පන්දු යවන්නෙක් බවට පත් විය.
ප්‍රමොද් මධුශාන් වැඩිම කඩුලුලාභියා වෙමින් පන්දු ඕවර් 8.2 ට ලකුණු 45 ක් දී කඩුලු 3 ක් දවා ගත් අතර මේ තරගාවලියේදී නිතර ආබාධ සහිත චමීරගේ අඩුව පුරවන්න පැමිණි අසිත ප්‍රනාන්දුගේ නිරෝගී වේගය පන්දු ඕවර් 9 ක් නිමා කළේ ලකුණු 44 ට කඩුලු 2 ක් දවා ගනිමින්ය.
පිළිතුරු ඉණිම මේ තරගාවලියේ දී යළිත් සාර්ථක වූ ආරම්භක පිතිකරුවන්ගේ සැණකෙළියකින් ආලෝකමත් විණි.ආරක්ෂාවට මුල් තැන දුන්න අවිශ්ක ඊයේ පීඩනය ප්රහාරතේමක වීමෙන් මැඩ ගැනීමේ පාඩම අත්හදා බලන්නට වූ අතර එහි ප්‍රතිපලය වූයේ පන්දු 66 න් ලකුණු 91 ක් ය.එයට හයේ පහර 5 ක් සහ 4 පහර 10 ක් එකතු වූ අතර එම පන්දු 15 ට පමණක් ඔහු ලබා ගත් ලකුණු ප්‍රමාණය 64 ක් විය.ලංකාවේ පළමු එක්දින ද්විත්ව ශතකලාභියා එය වැරදීමක් නොවන බව සහතික කළ ඉණිමකින් පන්දු 101 දී ලබා ගත් ලකුණු 118 න් සිය සම්මාදම කණ්ඩායමට ලබා දුන්නේය.පලමු කඩුල්ලට ලකුණු 173 ක් එක් කළ පැතුම් සහ අවිශ්කගෙන් පසුව යළිත් දෙවන කඩුල්ලට පැතුම්,නායක කුසල් මෙණ්ඩිස් සමඟ එක්ව වේගවත් ලකුණු 78 ක් ද එක් කළේය.කුසල් ඕනෑවටත් වඩා තමා ගැන විශ්වාසය තබන්නට ගොස් හයේ පහර 4 ක් සමග පන්දු 29 න් රැස් කළ ලකුණු 40 ඉණිම නිමා කළේය.ලකුණු 251 දී වූ එම හානියෙන් ලකුණු දෙකකට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරිම දායකත්වය ලාබ දුන් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා වන්නට අවශ්‍යය සියලු සුදුසුකම් සපුරාගෙන ලකුණු 118 ක ට දැවිණ.
තරගාවලිය 3-0 ක් ලෙස සම්පූර්ණයෙන්ම සෝදා දමා ජයග්‍රහණයේ එකම හිමිකරුවා බවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන තරගයේදී කඩුලු 7 ක ජයග්‍රහණය පන්දු 88 ක් මෙපිටින් වාර්තා කළේ පන්දු ඕවරයකට ලකුණු 7.55 ක දළ ලකුණු වේගයක්ද සහිතවය.මේ ජයග්‍රහණය විශිෂ්ඨ වුව ද,එළැඹෙන්නේ ලොව පුරා විස්සයි විස්ස ක්‍රිකට් සැණකෙළිවල බැබලෙන ක්‍රිකට් තරු ලෙස නාමකරණයට ලක් වූ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් හී වත්මන් දක්ෂතාවයේ අනන්‍යතාවය පරාජය කිරිමේ වගකීමය.ඒ ඇත්ත අවබෝධ කරගෙන පිටියට පිවිසිසයහොත් එහිදී ද,එම ඇත්ත තත්ත්වයට වඩා හාත්පසින් වෙනස් වූ ප්‍රතිපලයකට යාමට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට ද බැරිකමක් නැත.අවිශ්ක එක්දින තරගවලින් අසාර්ථක වීම සමඟ එළවා නොදැම්මා සේ විස්සයි විස්ස තරගාවලියේදී ද කුසල් ජනිත් පෙරේරා ගැන විශ්වාසය තැබිම වටිනාකමක් විය හැකිය.
ජයග්‍රාහී එක්දින තරගාවලිය නිමා කරමින් ජයගත් තෙවන තරගයේ ලකුණු පූවරුවට මෙතනින් පිවිසෙන්න.→ https://www.espncricinfo.com/series/sri-lanka-vs-afghanistan-2023-24-1416068/sri-lanka-vs-afghanistan-3rd-odi-1416076/full-scorecard