නරේන්ද්‍ර මෝදි අබුඩාබි හි හින්දු කෝවිලක් විවෘත කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 14,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) ගොස් ඇති අතර එහිදී, මහා හින්දු කෝවිලක් විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ,

පසුගියදා ඉන්දියාවේ අති උත්කර්ෂවතව ඉදිවූ රාම කෝවිලට පසුව අබුඩාබි හි ඉදිවන BAPS හින්දු මන්දිරය එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පරිත්‍යාග කරන ලද අක්කර 27 (හෙක්ටයාර 11) ක ඉඩමක ඉදිකර ඇත.

දශක ගණනාවක් තිස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විහාරස්ථාන පැවතුනද, සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රම භාවිතා කරමින් ඉදිකරන ලද පළමු විහාරය මෙය වේ.

රාජස්ථාන් ප්‍රාන්තයේ රෝස වැලිගල් සහ සුදු ඉතාලි කිරිගරුඬ වලින් සාදන ලද මෙම විහාරය ඉන්දියාවේ කැටයම්න් නිර්මාණය කර ඇත.

විශ්ලේෂකයින් පවසන්නේ දෙමසකින් පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර මෙම කෝවිල රජයේ හින්දු ජාතිකවාදී න්‍යාය පත්‍රය ඉහළ නංවනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...

පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ජාතික...