(VIDEO):වස් කවි වැඩක් නැහැ මිනිස්සුන්ට ඕනේ සෙත් කවි – චම්පික අලුත් පාරකින් ජන්ද පිටියට!

කොළඹ LNW:දැන් මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ වස් කවි නොව සෙත් කවි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රටේ පවතින තත්ත්වය මත ජනතාව සිටින්නේ කෝපයෙන් වන හෙයින් ජනතාවද අසන්නට කැමති වස් කවි වන නමුත් රටට අවශ්‍ය වන්නේ සෙත් කවිය බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

පවතින තැනින් රට ඔබ්බට වෙනස් කරගත යුතු අතර ඊට ඇත්තේද සුළු කාලයක් බව මන්ත්‍රීවරයා කියාසිටියි.

අතීතයේ මෙන්ම මෙවර ද අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා ජනතාව වෙනුවෙන් කැපවීමට තමා සූදානම් බව රණවක මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව පැවසුවේ පසුගිය 14 වැනිදා එක්සත් ජනරජ පෙරමුණේ “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” වැඩපිළිවෙළ කොළඹ දී එළිදක්වමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල...

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...