හෙට (17) කොළඹට පැය 16ක ජල කප්පාදුවක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 16 කොළඹ (LNW):හෙට (17) දිනයේ පැය 16 ක ජල කප්පාදුවක්, කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

වැඩිදුරටත් සඳහන් වන්නේ, හෙට (17) පස්වරු 5.00 සිට 18 වන ඉරිදා පෙරවරු 9.00 දක්වා කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.