සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 17 කොළඹ (LNW):
@ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය සහ ජනපති අතර හමුවක්!
@ පොහොට්ටුවේ ප්‍රමිත බණ්ඩාරගේ සහයත් ජනපති රනිල්ට!
@ වස් කවි වැඩක් නැහැ මිනිස්සුන්ට ඕනේ සෙත් කවි – චම්පික අලුත් පාරකින් ජන්ද පිටියට!
@ මේ යන විදිහට ආණ්ඩුව ශ්‍රී මහාබෝධියයි දළදා වහන්සෙයි විකුණන්නත් පුළුවන් – විපක්ෂ නායක සජිත් කියයි.
@ ශ්‍රීලනිප බස්නාහිර ප්‍රබලයින් දෙදෙනෙක් සමගි ජන බලවේගයට.
@ රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික අභිමතය පරිදි වැඩ කරන්න බැහැ – ජගත් කුමාර කියයි.
@ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හොඳයි. මම ඒක භුක්ති විඳලා ඉවරයිනෙ – හිටපු ජනපති මහින්ද කියූ කතාව.
@ විධායකය අහෝසි කරනවා කිව්වට අපේ අපේක්ෂාව ජන්දයක්! නාමල් කියයි.
@ මේ වසරේ කෙටිකාලීනව උද්ධමනය පුරෝකථනය කරන ලද මට්ටමට වඩා ඉහළ යෑමේ අවදානමක්
@හෙට (17) කොළඹට පැය 16ක ජල කප්පාදුවක්!
@ ජාතික රෝහලේ මොකද වෙන්නෙ, කුඩු බිස්නස් එක නැති වුණා. ඒකයි මා එක්ක තරහ.සුළු සේවකයෝ අවුස්සන්නේ රවී කුමුදේශ් -වෛද්‍ය බෙල්ලනගෙන් දරුණු චෝදනා
@ හෙළ සිනමාවේ නිම් වළලු පුළුල් කළ විජය නික්ම ගොස් අදට වසර 36ක්!
@ පළමුවරට රබර් අස්වනු සහායකයින්ට NVQ-3 සහතික!
@ රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ ක්‍රියාමාර්ගය අවසන්.
@ ඇමෙරිකාවෙන් අවධානාත්මක නිවේදනයක්!
@ ඉම්රාන් ඛාන්ගෙන් යෝජනාවක්!
@ විරෙන් සහ දුමිඳු කේවල සහ යුගල අවසන් 16 අතරට.