අද විස්සයි විස්ස ඇරඹෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 17 කොළඹ (LNW): ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය සමඟ පැවත්වෙන විස්සයි විස්ස තරගාවලිය අද දඹුල්ලේදී ආරම්භවීමට නියමිතයි.ටෙස්ට් සහ එක්දින තරගවලට වඩා වෙනස් තරග රටාවක් තිබීම මෙන්ම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ ලොව පුරා විසීරී ක්‍රියාත්මක වන විස්සය විස්ස සැණකෙළිවලදී ඉහළම ඉල්ලුමක් සහිත ක්‍රීඩකයන් වීම නිසා මේ තරග රටාව ඇතුළේ ශ්‍රී ලංකාවට එල්ලවන පීඩනය සුළු කොට තැකිය නොහැකියි.


ශ්‍රී ලංකාවට මේ තරගාවලියේදී ඇෆ්ගන් කණ්ඩායම පරාජය කිරීමට අමතරව ශ්‍රී ලංකාවේම තමන්ගේ කැමති ක්‍රීඩකයින් නොමැතිවීම සහ තමන් අකමැති පාලකයන් සිටීම යන කාරණාවන් හි එළැඹ සිට ශ්‍රී ලංකාව පරාජය වෙනු ඇතැයි අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් ද සිටිනවා.විශේෂයෙන්ම පවතින ක්‍රීඩා සමාජ හරහා බලයට පැමිණීමට අපොහොසත් පිරිස් දේශපාලන බලය යොදා ගනිමින් බලයට ඒම සඳහා ක්‍රිකට් සම්බන්ධයෙන් වන ප්‍රසාදය හීන කර මේ තත්ත්වය ඇති කර තිබෙනවා.


එවැනි තත්ත්වයක මේ මොහොතේ ජයග්‍රහණයකින් පසුව ඊට සුබ පතන්නන් වෙනුවට ඉදිරි පරාජයන් ගැන සිහින දකින්නන් ද බිහි වී තිබෙන අතර මේ සියල්ලටම දැනෙන ජාතික හැඟීම් සංතර්පනය කරන සත්කාර්යක් කරන්නට අද දවසේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිඳු වෙනවා.එය ජයග්‍රහණයේ සාමාන්‍ය ඉක්මවා ගිය එකක් වනු ඇති අතර ඒ වෙනුවෙන් වැඩි බරකින් සහ හැඟුමකින් තරගායට මුහුණ දිය යුතු වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...