ඩබල් එකේ ට්‍රිබලම තායිලන්තයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 19 කොළඹ (LNW): ගාල්ල දඩල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ලීනින්ග් ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ දී,ඊට දින කිහිපයකට පෙර පැවති තරගාවලියේ වැඩි ගෞරවය දිනා ගත් ඉන්දියාවට එකඳු සූරතාවයක් හෝ දිනා ගැනීමට නොහැකි වුණා. මෙම තරගාවලියේ සූරතා තුනකම හිමිකාරීත්වය හිමි වුනේ තායිලන්තයටය.විශේෂත්වය එම සූරතා ත්‍රිත්වයම යුගල සූරතාවීමය.


ඉන්දියාව නියෝජනය කළ එකම අවසන් තරගය වූ පිරිමි කේවල අවසන් තරගයේදි ඉන්දීය ක්‍රීඩක රාහුල් බරද්වාජ් පරාජය කරමින් ජය ගැනිමට චීන සම්භවයක් ඇති කැනඩාව නියෝජනය කරන ෂියාඩොන් ෂෙන්ග් සමත් වුණා.එහිදී ලකුණු තත්ත්වය දැක් වුණේ 10-21, 21-19 සහ 22-20 ලෙසයි. කාන්තා ඒකල සූරතාවය දිනා ගත්තේ ඉන්දුනීසියාවේ රුෂානා රුෂානා ය.ඇය විසින් මැලේසියාවේ සිටි ෂුලයිකාව පරාජයට පත් කළේ ලකුණු 21-19 සහ 21-15 ලෙස ය.


පිරිමි යුගල තරගයේදී සූරතාවය දිනා ගන්නට තායිලන්තය නියෝජනය කරමින් සහභාගි වූ සිරාවිට් සොකෝන්ට සහ වට්ටාපාට් ට්‍රින්කජී ට හැකි වෙනවා.ඔවුන් දෙදෙනා අතින් පරාජයට පත් වුණේ ඉන්දුනීසියාවේ රීසා ද්විචායා සහ රියාන් සන්නා වරෝ ය.ලකුණු තත්ත්වය 21-19 සහ 21-7 ලෙස සටහන් විය. කාන්තා යුගල අවසාන තරගයේදී තායිලන්ත යුගල දෙකක්ම ගැටිණි.එහිදී පිචමොන් පච්චරපිෂුට්ෂින් සහ නන්පාස් ෂුක්ලාඩ් ජයග්‍රහණය කළහ.පරාජයට පත් වුණේ ප්‍රින්ඩා පට්ටනාවරිට්ටිපාන් සහ අටිටයා පොවනොන් ය.ලකුණු තත්ත්වය දැක් වුණේ 13-21 21-16 සහ 21-14 ලෙස ය.


මිශ්‍ර යුගල තරග අවසාන තරගයද තායිලන්ත යුගල දෙකක් අතරම පැවත්විණි.එහිදී ජයගත්තේ ප්ට්ටරාත්‍රෝන් නිපෝර්න්රාම් සහ නට්ටාමොන් ලයිසොන් ය.ඔවුන් අතින් ලකුණු 21-11 සහ 21-12 යන ආකාරයට පරාජයට පත් වුණේ නියෝඩාන්ග් මන්ග්කෝර්න්ලොයි සහ අටිටයා පොවනොන් ය.මෙහිදී අනු සූරතාවට දායක වූ අටිටයා තරගාවලියේ කාන්තා යුගල අනු සූැතාවට ද දායක වෙමින් අනු සූරතා දෙකකටම හිමිකම් කියන්නට සමත් වූවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...