ජනපති රනිල් පොහොට්ටු නායකයින් එක්ක සාකච්ඡා කළ යුතුයි. වටේ ගිහින් ආවොත් නම් බෑ – තේනුක

Date:

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සමග මුලින්ම සාකච්ඡා කර එකඟතාවකට අනිවාර්යයෙන්ම පැමිණිය යුතු බව රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා පවසයි.

“මේක බොහොම පැහැදිලිව කියන්න ඕනෙ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නෙ දැවැන්ත පක්ෂයක්. ඒ පක්ෂය තුළින් තමයි, පහුගිය අරගලයත් එක්ක පැවතිච්ච කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉවත්වීමත් එක්ක තමයි රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධුරයට පත් කළේ. එහෙම ජනාධිපතිවරයා බවට පත්කරන්න මන්ත්‍රීවරුන් 134ක් සහයෝගය දුන්න එකෙන් වැඩිම පිරිස සහයෝගය දුන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්. ඒ හින්දා මැතිවරණයක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයායි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයොයි අතර සාකච්ඡාවක් තිබිය යුතුයි. ඒ හින්දා ඒක වියයුතුයි වගේම අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක කළ යුතුයි. මොකද එතුමාව ජනාධිපති බවට පත්කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් නෙ. ඒ හින්දා එතුමාගේ යුතුකම වෙන්නෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක සාකච්ඡා කරලා මොකක්ද ගන්න තීන්දුව කියන එක. ඒ තීන්දුව අනුව තමයි තීන්දු කරන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උදව් කරනවාද නැද්ද කියන එක. ඒ වෙලාවේ ශ්‍රීලපොපෙ තීන්දු කළොත් රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරනවා කියලා පක්ෂයේ නායකයො තීන්දු කළොත් අපි සියලු දෙනා එකතුවෙලා එතුමාව ජයග්‍රහණය කරවන්න කටයුතු කරන්න අපි සියලු දෙනා ලෑස්තියි. හැබැයි එකඟතාවයක් නැතිව වෙනත් වෙනත් බාහිර පාර්ශ්ව එක්ක ගිහිල්ලා සාකච්ඡා කරලා එනවා නම්, එහෙම එකඟතාවක් නැතිව නම් කටයුතු කරන එකක් නෑ කියන එක ස්ථාවරයේ අපි ඉන්නවා”

තේනුක විදානගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...