රඟපෑමේ වෙස්මුහුණ, ඇත්තම මුහුණ සහ පොඩි ළමයි ….

වික්ටර් රත්නායක ඔහුගේ බිරිඳ මියගියාට පස්සෙ තමන්ගේ වයසට වඩා ගෝඩක් අඩු වයසක තරුණියක්ව විවාහකරගත්තට පස්සේ ඒකට ගොඩක්ම උරණ උනේ ඔහුගේම ප්‍රේක්ෂක ප්‍රජාවයි.. හේතුව ඒ ප්‍රේක්ෂකයන් වික්ටර්ව කියවගෙන හිටියේ එයා ගායනා කරපු පරමාදර්ශී පෙම්වතාගේ මියුසික් කැරෙක්ටර් එක ඇතුලේ තියලා…

නමුත් වික්ටර් කියන්නේ ලොකු ජීවන අත්දැකීම් තියෙන වැඩිහිටියෙක් නිසා ඔහු ප්‍රේක්ෂකයන්ගේ රෝමෑන්ටික් ප්‍රතිචාරය ඇතුලේ දියවෙලා කසාදේ අබ්ලික් කරගත්තෙ නෑ..

ඒ වෙනුවට එයා එයාට අවශ්‍යයි කියලා දැනුන විදියට අලුත් ජීවිතේ සාර්ථකව අරන් ගියා..

සමහරක් විකට නළුවො ඉන්නවා ඔවුන් තිරය මත කිසිදු රඟ පෑමක් නොකර සිටියත් ඔවුන්ව ප්‍රේක්ෂකයින්ගේ ඇස ගැසුන සැනින් ප්‍රේක්ෂකයන්ට හිනායනවා..ඒ තමා ප්‍රේක්ෂක මනාපය විසින් ඔවුන්ගේ මූණට තියලා අලවපු විකට වෙස්මූණ.. මෙතනදි කාලයක් ගියාට පස්සෙ අර නළුවන්ටත් සිද්ද වෙනවා තමාගේ පැවැත්ම වෙනුවෙන් අර වෘතීය විකට මූණ තමන්ගේ ඇත්ත මූණ බවට පත්කරගන්න.. මොකද ඔවුන් සම්බන්ද ප්‍රේක්ෂක ජනප්‍රියත්වය නිර්මාණය වෙලා තියෙන්නෙම විකට මූණත් එක්ක මිසක් ඇත්ත මූණත් එක්ක නෙමේ නිසා..

විශේෂයෙන්ම පොඩි ළමයෙක් සම්බන්දව ගත්තම මේ තත්වය තවත් පැටලිලි හා කනගාටු දායකයි… හේතුව තාමත් තමන්ටම කියලා අනන්‍යතා සහ ස්වාධීන මුහුණක් නිර්මාණය වෙලා නැති සහ ස්වාධීන තීරණ ගන්ට බැරි වයසක ඉන්න ළමයෙකුට තමා රඟපෑ වෙස්මුහුණට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ඒ වෙස්මුහුණට මානසිකව ලේ ඇටමස් නහර බද්දවෙලා ඒ මුහුණ තමාගේ ඇත්තම මුහුණ කියලා හිතෙන්ට පුළුවන් ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...