වටිනා ජීවිතයක් අකාලයේ මිළින වූ හැටි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 21 කොළඹ (LNW): බත්තරමුල්ල වික්‍රමසිංහපුර මංසන්ධියේ දී ඇති පදික මාරුව අසලින් මාර්ගය හරහා මාරු වන අවස්ථාවේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනංශයේ සහකාර කථිකාචාර්යවරියක බත්තරමුල්ල වික්‍රමසිංහපුර දී ලොරියකට යටවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර 10 වැනි පටුමග පදිංචිව සිටි ලක්මිණි බෝගමුව නමැති 24 හැවිරිදි කථිකාචාර්යවරියයි. ඇය රැකියාවට යෑම සඳහා වික්‍රමසිංහපුර දෙස සිට පදික මාරුව ආසන්නයෙන් මාර්ගයේ අනෙක් පෙදෙසට මාරුවීමට යෑමේ දී බත්තරමුල්ල පැලවත්ත දෙස සිට තලවතුගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක ඉදිරිපස ගැටී මාර්ගයේ ඇද වැටී ඇති බවත් ඒ අවස්ථාවේදීම ආසන්නයේම පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

‘‘2017 වර්ෂයේ කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයක දී පදක්කම් ද්විත්වයක් සහ ශිෂ්‍යත්වයක් ලබා ගනිමින් කණ්ඩායමේ හොඳම ශිෂ්‍යාව බවට පත්ව ඇත” .

ලක්මිණි බෝගමුව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතාගේ එකම දරුවාද වේ.

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත්ව 2017 වර්ෂයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂ දක්ෂතා දැක් වූ ශිෂ්‍යාවට හිමි අමරා මොහොට්ටි අනුස්මරණ කුසලානය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ මහාචාර්ය ෂෙල්ටන් කොඩිකාර විශේෂ කුසලානය මෙන්ම ජාත්‍යන්තර සිවිල් සේවකයන්ගේ සංගමය මගින් ලබා දුන් ශිෂ්‍යත්වයට හිමිකම් කීමට ද ඇය සමත් වූ බව සඳහන් වේ.

අද (21) සවස 5 ට තලවතුගොඩ වැලි පාර පොදු සුසාන භූමියේ දී ඇයගේ සිදු කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...